IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නාගදීපයට රෝහලක්

(අංජුල මහික වීරරත්න)

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සිදුකෙරිණි.

නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුක්තය.

මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් වන්නේ වාසන් සිවාජිරාසන් මහතා සහ ජසින්තා මහත්මිය වන අතර, සම්පත්දායකයින් ලෙස ජර්මානු රතු කුරුස වරෙන්ඩොර්ෆ් ශාඛාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කර ඇත.

මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපයේ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.



අදහස් (1)

නාගදීපයට රෝහලක්

මාලිමාපෙන්දා Sunday, 13 July 2025 09:37 AM

කිසිම විවෘත කිරීමකට දේශපාලකයාත් නොයනවා කියන කට උල්කර අත ගුළිකර සපථ කළ න්‍යාය චුට්ටක් වෙනස්වෙලා. මොකද මේක රතුකුරුසෙන් කළ එකක්නේ...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 200 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site