
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් ආයතනය වසා දමා ඇත්තේ ඩොලර් කෝටියක පාඩුවක් නිසා බව වැඩබලන කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මෙම ආයතනය වසා දැමූ අාකාරය සහ ඒමගින් සේවකයන්ට අැතිවූ ගැටලු සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරගෙන යන බවද ඔහු ප්‍රකාශ කළේය.
ආයතනය වසා දැමීම රජයේ ගැටලුවක් හෝ සේවකයන්ගේ ප්‍රශ්නයක් මත සිදුවූවක් නොව ව්‍යාපාර අවශ්‍යතාවක් මත ගත් තීරණයක් බව එම විමර්ශනවලදී හෙළිවී ඇතැයි පැවසූ වැඩබලන අමාත්‍යවරයා ඒම ආයතනය රැකියා නැති වූ සේවකයන්ට කටුනායක අවට වෙනත් ආයතනවලින් රැකියා ලබාදීම සඳහා මැදිහත් වෙමින් සිටින බවද ප්‍රකාශ කළේය.
සේවකයන් 1416 දෙනකුගේ රැකියා අහිමි වනවිට 1900කට වෙනත් ආයතනවල රැකියා ලබාදීමට එම ආයතනය මෙසේ මැදිහත්ව සිටින බවත් තමාද ගැටලුව සම්බන්ධයෙන් සේවක පක්ෂය සමග තවදුරටත් සාකච්ඡා කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වෙමින් සිටින බව කි මහින්ද ජයසිංහ මහතා සේවකයන්ට සේවක පනතේ වන්දියට වඩා වැඩි වන්දියක් ලබා ගැනීමටද අවස්ථාව සැලසී ඇතැයි පැවසීය.
එම ආයතනය වසා දැමීමට ගත් තීරණයත් සමග මේ රටේ ආයෝජනවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අරයා කියන්නේ ආන්ඩුවේ වරදින් කියලා. ඒ කොහොමද?
කිසිම ප්‍රශ්නයක් නෑ ඇමැතිතුමා. සියල්ල සාමකාමියි. සේවකයිනුත් තමන්ගේ රැකියා අහිමි වීම ගැන සතුටුයි. ඔබගේ ආණ්ඩුව වැනි මහජන හිතකාමී රජයක් යටතේ ලැබෙන ඕනෑම දෙයක් ජනතාවට සැපයි. ඒකනේ අපි රු. 230ට පොල් ගන්නේ මීක් නැතුව. ලුණු නැති වුණාම ඒකේ අගුණ ගැන හිතන්නේ. හාල් මාෆියාවක් කියලා දෙයක් නෑ කියලා හිතන්නේ. රටේ දිනපතා මිනී මැරුම් සිද්ධ වෙන්නෙ නෑ කියලා හිතන්නේ. අපේ පඩිය වුණත් වැඩි උනා කියලනේ අපි හිතං ඉන්නේ. කන්ටේනර් 300 ගණනක් හොර පාරෙන් රට ඇතුළට ආවා වුනාට අපි නෑසූ කන්ව ඉන්නේ. උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් කියලා බොරුකාර රැලක් පාර්ලිමේන්තු ආපු එකට අපි වගේ වගක් නැතුව ඉන්නෙ ඒකනේ. අනේ වාසනාවන්. ඇන්පීපී ආණ්ඩුව දිනේවා...!
NEXT කියන වෙළඳ නාමය ලෝක ප්‍රසිද්ධ ඇඟලුම් සන්නාමයක්, එවැනි සමාගමක් මේ වගේ තීරණයක් ගන්නට පෙර ගොඩාක් දේවල් සලකා බලනවා. මගේ පවුද්ගලික හැඟීම ලංකාවේ අපි මාරම පොහොසත් ජාතියක්, මොකද නිවාඩු දාගෙන මැතිවරණ තුනක්ම කළා. අප්‍රියෙල් මාසේ නිවාඩු දාගෙන උත්සව කළා. මැයි මාසේ නිවාඩු දාගෙන පින්දහම් කළා. අපි වැඩකලේ ගොඩක් අඩුවෙන්, කිසිම ඇඟලුම් නිෂ්පාදන ආයතනයකට මේ වගේ තත්ත්වයන් යටතේ තමන්ගේ ඇඟලුම් හරි වෙලාවට නිර්යාත කරන්ඩ කොහොමත් බැහැ. ආයතනය පාඩු ලබනවා කියන එක අනිවාර්ය සාධකයක්. ඊළඟ කාරණාව තමයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොඩාක් කිසිම දවසක නිෂ්පාදන ආයතනයක වැඩ නොකරපු තනිකරම ඉල්ලීම් විතරක් සඳහා සටන් කළ කණ්ඩායමක්..., ඒ නිසා තමයි මේ අය බොහෝම ආඩම්බරයෙන් කියන්නේ අපි නීත්‍යානුකූල වන්දියට වඩා වැඩි වන්දියක් අරන් දුන්නා කියලා. ඇත්තෙන්ම මමත් මේ රජයට ඡන්දය දුන්නා.. හැබයි මේ යන ගමන ආර්ථිකය විනාශ කරගෙන යන ගමනක්, එක ස්ථිරයි.
එතකොට මේ සමාගමේ අනිත් ෆැක්ටරි දෙක වහලා නැහැ. ඒ ෆැක්ටරි දෙකේ කාලකන්නි යුනියන් නැහැ, මේකේ ඉන්නවා, ඉතින් එකේ මොකක් හරි සම්බන්ධයක් නැද්ද?
ඒ කම්පැණිය එයාලාගේ පැත්තෙන් හොඳ තීරණයක් අරන් තියෙන්නේ. නැතිනම් තව හිටියොත් ඉදිරියට තව වෙන පාඩුව බොහෝමයි.
පහුගිය ආණ්ඩුවල වරද වෙන්න බැරිද? නැතිනම් රිළව් වෙන්නත් පුළුවන්.
ලංකාවේ මිනිසුන්ට තමන්ට පැවැරිලා තියෙන රාජකාරියට වඩා ඉල්ලීම් වැඩියි...!
කෘෂිකර්මය දියුණු කරපල්ලා ඊශ්‍රායලය වගේ ලෝකෙටම ආහාර දෙන්න පුළුවන්...