IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ධූරයේදී ලැබුණු තෑගි ඉම්රාන් ගෙදර අරන් ගිහින්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සිය ධුර කාලය අතරතුරේ විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාගවලින් වැඩි ප්‍රමාණයක්  ධුරයෙන් පිටව යද්දී රැගෙන ගොස් ඇති බවත්, ‘ටොෂඛානා’ දෙපාර්තමේන්තුවට ගෙවා ඇත්තේ භාණ්ඩ කීපයක් සඳහා ඒවායේ වටිනාකම පමණක් බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය චෝදනා කරයි.

‘ටොෂඛානා‘ දෙපාර්තමේන්තුව යනු පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, විදේශ ලේකම්වරුන්ට, ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලැබෙන ත්‍යාග භාරව කටයුතු කරන රාජ්‍ය ආයතනයයි.

ධුර කාලය අවසානයේ දී තමාට ලැබුණු ත්‍යාගය රැගෙන යෑමට අවශ්‍ය නම්, එම ත්‍යාගයේ වටිනාකම ‘ටෝෂඛානා‘ වෙත ගෙවිය යුතු වෙයි.

පාකිස්තාන නීතියට අනුව විදේශ දූතයන්ගෙන් ලැබෙන ත්‍යාග පාකිස්තාන රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ ‘ටෝෂඛානා‘ දෙපාර්තමේන්තුවේ තැන්පත් කළ යුතුය.

ඉම්රාන් ඛාන් ට ලැබුණු ත්‍යාග පිළිබඳ ඔහු නිවැරදි තොරතුරු සඟවා ඇති බවත් ඔහු ලැබුණා යැයි තොරතුරු ඉදිරිපත් කළ ත්‍යාග කිහිපයට පමණක් මුදල් ගෙවා ඇති බවත් පකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ගොනු කළ පෙත්සමේ දැක්වෙයි.

මේ පිළිබඳ ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව බලධාරීන් ඔහුට දන්වා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉම්රාන් ඛාන් ඔහුට ත්‍යාග ලෙස ලැබුණු පාකිස්තාන රුපියල් මිලියන 154 කට වඩා වටිනා අත් ඔරලෝසු තුනක් විකුණා ඇති බවත් මෙසේ ත්‍යාග විකිණීමෙන් මිලියන ගණනක් උපයා ඇති බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය වැඩි දුරටත් චෝදනා නගමින් පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

ධූරයේදී ලැබුණු තෑගි ඉම්රාන් ගෙදර අරන් ගිහින්

යෝගා Tuesday, 09 August 2022 11:38 AM

පහුගිය කාලේ ඉම්රාන්ට හුරේ දාපු කට්ටියක් මෙහෙත් හිටියා කියලා මතකයි.

:       1       9

fairoosTuesday, 09 August 2022 12:38 PM

ලංකාවෙන් පළාගිය කෙනා කොච්චරක් අරන් ගියාද කියලා හොයන්න කවුරුැවත් නැහැ.

:       3       14

Rexi Tuesday, 09 August 2022 01:37 PM

පාකිස්ථානෙ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...! නේද ?

:       0       7

Bamunuarachchi Tuesday, 09 August 2022 06:32 PM

ආ එහෙත් එහෙමද මම හිතුවේ මෙහෙ විතරයි එහෙම වෙන්නේ කියලා. රජ ගෙදරබඩු එහෙම නැති වුණාලු.

:       1       2

hewaas Saturday, 13 August 2022 05:58 PM

Only the PM has done this in Pakistan. But in SLanka every skewed parliamentarian who ever set foot in that shit-house are entitled to steal/Rape and eat up all the public offerings and foreign ornament gifts without any hesitation. There is no room to question them Nor any tracking system of any of foreign gifts and offerings that has come to Sri lanka heads of state.These gifts are offered to that Rank and not to the private persons consumption. But as a backward nation we never question nor investigate any of these matters as they are covered up by Redtape.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1192 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site