IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ධම්මික පන්නන්න හේතුව නිදහස් සේවක සංගමය කියයි

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් පෞද්ගලික දුරකථන සමාගමක් සමඟ එකතුව ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ගයේ කේබල් ඇදීමේ වංචනික ගණුදෙනුවක් නතර කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට හේතුව බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.

අදාල ගණුදෙනුවේදී අදාල පෞද්ගලික දුරකථන සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 14 ක ආදායමක් දීමට එකඟව තිබුණ ද අදාල ව්‍යාපෘතියෙන් එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි යැයි ධම්මික ජයසුන්දර මහතා පැවසූ බවත් අදාල ගණුදෙනුව නිසික්‍රමවේදයට ගිවිසුම්ගතව කළ යුතු යැයි පවසා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනිත් ලංකාගේ මහතාගේ අස්සනින් යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කර ඇති බවත් කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරියකු ලිඛිත නියෝගයක් දෙන්නේ නම් ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ යැයි ජයසුන්දර මහතා පවසා ඇති බවත් එම ලිපියේ කියවේ.

 



අදහස් (9)

ධම්මික පන්නන්න හේතුව නිදහස් සේවක සංගමය කියයි

යෝගා Tuesday, 12 August 2025 07:22 PM

කන්ටේනර් වංචාවට කොහොමත් ඇතුලට යන්න ඉන්න එකේ තව වංචාවල් කොච්චර කලත් මොකද කියල හිතනව ඇති. හැබැයි එයාගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න බලන් ඉන්න නිලධාරි සෙට් එක නම් පව් තමයි.

:       11       19

මාලිමාගැත්තා Tuesday, 12 August 2025 07:58 PM

ඕං එළියට එනවා. සුදු ඇඳගෙන කළු ඇවිත්

:       5       17

ගුණරත්න Tuesday, 12 August 2025 09:38 PM

මට පෙනෙන විදියට කේලාම් කාරයන්ට මේ ආණ්ඩුවෙන් තැනක් තියෙනවා වගේ. අනික ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් කීයක් දැන් අස් වෙලා ගිහින් තියන වද? හරි පුදුමයි.

:       7       17

Bunny Preena Wednesday, 13 August 2025 09:09 AM

එහෙනම් ජනාධිපති තුමාට දූෂිතයින් ඉවත් කරන මෙහෙයුම මාලිමාවේ ඇමති මණ්ඩලයෙන්ම ආරම්භ කරන්න වෙයි වගෙයි . අපි බලාගෙන ඉමු මොකද්ද වෙනේ කියලා.

:       8       25

chandana Wednesday, 13 August 2025 10:12 AM

ඔය union පිස්සෝ කියන දේවල් හොඳට හොයන්නේ නැතිව පිළිගන්ට එපා. රට ආපස්සට අදින කුහක රාජ්ජ්‍ය සේවකයන් සහ කුහක union කාරයෝ ගැන. හොඳට හිතලා තීරණ ගන්න

:       13       33

Head Wednesday, 13 August 2025 10:48 AM

කැබිනට් තීරණන අරගෙන සාමාන්‍යාධිකාරීව පන්නන, මාලිමාවට මාර උණක් තියෙන්නේ.

:       7       17

ajith Wednesday, 13 August 2025 01:25 PM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේ... ඕවයි යම් තරමක ඇත්තකුත් ඇති...

:       1       14

Jayasinhe Wednesday, 13 August 2025 02:20 PM

කෝච්චි ටිකට් එකක් හරියට දීගන්න බැහැ.. මිලියන ගණන් ලාභ ගන්න කතාව අපි නොදන්නා දුම්රිය දෙපාර්තුමේන්තුව...

:       3       17

අසෙල හෙරත් Thursday, 14 August 2025 09:20 PM

කොච්චි ටිකට් එකක් නිවැරදිව දිගන්න බැරි රෛල්වේ එක...අනේ ද කියන්නේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site