IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

(යොහාන් භාසුර)

ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්‍රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය.

ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළදී ද විනය කඩකර ඇතැයි ඕස්ටේ්‍රලියාවේදී පැවැති අධිකරණ ක්‍රියාමාර්ගයේදී ද ප්‍රකාශයට පත්වූ බවත් ඔහු මෙරටට පැමිණි වහාම චෝදනා පත්‍රයක් භාරදෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඔහු මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හරහා පරීක්‍ෂණය ආරම්භ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (13)

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් පරීක්‍ෂණයක්

ඔසියා Thursday, 28 September 2023 05:38 PM

එයා අර කාන්තාවගේ විනය තකා වැඩ කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේදි. දැන් මෙහෙ තව කතක් එක්ක වැඩ. ආයේ මෙහෙ එනකල් බලන් ඉන්නේ විකාරද? අර කාගේද සතෙක්ගේ මොනවද වැටෙනකල් ඉන්නවා ‌වගේ... අයියෝ සල්ලි...!

:       2       21

පැරකුම් Thursday, 28 September 2023 05:40 PM

විනය කඩකිරීම කෙසේවෙතත් රටේ නම කෙලෙසීමට එරෙහිව පියවර ගතයුතුයි...!

:       9       28

කිරිපුතා Thursday, 28 September 2023 05:43 PM

බෝන් එගේන් පාරක් දැම්මා නම් සේරම ඉවරයි. දෙයියන්ට කියලා ක්‍රිකට් ගස්සවන්න පුළුවන්..!

:       3       27

de silva Thursday, 28 September 2023 06:18 PM

විධායක කමිටුවට, සාමාජිකයින්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලෙදි තමයි ලිංගික අවශ්‍යතා සපුරාගන්න, ක්‍රිකට් මණ්ඩලයේ වියදමින් නිළියන් ඕස්ට්‍රේලියාවට ගෙනිහින් තිබුණාට ධනුෂ්ක ගුණතිලකට එහෙම පහසුකමක් සපයලා දීලා තිබුණේ නැහැනේ...?

:       2       34

de silva Thursday, 28 September 2023 06:36 PM

වැඩිම වුණොත් අවුරුද්දක ක්‍රිකට් තහනමක් දීලා ඕස්ට්‍රේලියාවේ සිටි කාලය එම තහනමෙන් අඩු කරාවි.

:       1       18

fairoos Thursday, 28 September 2023 06:38 PM

දැන් ඉතින් ඕස්ට්‍රේලියාවෙන්ම සෙට්ල් වෙයි.

:       0       13

sarath Thursday, 28 September 2023 07:04 PM

විනය පරීක්ෂණයේදී විධායක කමිටුවට ධනුෂ්ක කියාවි පුතා ඉදිරියට ඔයවගේ මෝඩ වැඩ කරන්න එපා, අපි දිහා බලලා හැදෙන්න... ඉදිරියට පිටරටවල්වල ඉන්න ගෑණු එක්ක ඔය වැඩ කරන්න යන්න එපා. අපි වගේ ඔයත් මෙහෙ ඉන්න නිළියක් එක්කගෙන යමු. පුතාට යන්න නිළියක් නැතිනම් අපි ධර්මෙ අංකල්ට කියලා කෙනෙක් සෙට් කරලා දෙන්නම්... ටිකට් අපිම හදලා දෙන්නම්...

:       2       28

Buddika Thursday, 28 September 2023 07:16 PM

විනයක් නැති ක්‍රීඩකයෙක් කොතරම් දක්ෂ වුණත් ඵලක් නැත. මෙයා විනාශ කළේ මේ රටෙහි නම... ලෝකයේ ඉන්න හොඳම දක්ෂතම ක්‍රීඩකයා ධනුෂ්ක වුවත් මොහුව ඉවත්කළ යුතුයි... මෙහෙම මිනිස්සු ක්‍රීඩා නාමයට හානියක්. දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක් වුණත් වාසනාවකට ජාතික කණ්ඩායමට යන්න හැකියාව තිබ්බත් කුපාඩිකම වනචරකම මෙයාගේ ඉහවහා ගිහින්.. මීට පෙරත් විනය කඩ කළා. මේ වගේ මිනිස්සු ක්‍රීඩාවෙන් ඉවත්කළ යුතුයි...

:       11       25

larry Thursday, 28 September 2023 07:32 PM

ස්තුතියි... ඇෂ්ලි ද සිල්වා...

:       1       5

අනුරුද්ධ ලියනගේ Thursday, 28 September 2023 07:39 PM

මෙයාව ආපසු ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්තොත් විනය නීති පොත ලිපේ දාන්න වෙයි. මොහු වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවමානයක් වගේම අනෙක් තරුණ ක්‍රීඩකයින්ට වගේම තරුණ පරපුරට දෙන්නේ ද වැරැදි ආදර්ශයක්... ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහු කිසිසේත් නුසුදුසුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කිසි දාක නොගත යුතු පුද්ගලයෙක්...

:       5       32

මාලන් Friday, 29 September 2023 08:41 AM

මේ ක්‍රිකට් මඟුලක් රටට කරන විනාශයක්. මේක ඉහළ ඉඳලාම හෝදලා දාන්න ඕනේ. දැන් මළ පෙරේතයෝ අරක් අරගෙන තියෙන්නේ...!

:       0       1

Nimal Friday, 29 September 2023 01:37 PM

ක්‍රිකට් එකත් පාර්ලිමේන්තුව වගේ වෙලා... කොච්චර විනය කැඩුවත් මොකුත් කරන්නේ නෑ.

:       0       1

deepal Friday, 29 September 2023 02:17 PM

විනයක් නැති ක්‍රීඩකයෙක් කොතරම් දක්ෂ වුණත් ඵලක් නැත. මෙයා විනාශ කළේ මේ රටෙහි නම... ලෝකයේ ඉන්න හොඳම දක්ෂතම ක්‍රීඩකයා ධනුෂ්ක වුවත් මොහුව ඉවත්කළ යුතුයි... මෙහෙම මිනිස්සු ක්‍රීඩා නාමයට හානියක්. දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක් වුණත් වාසනාවකට ජාතික කණ්ඩායමට යන්න හැකියාව තිබ්බත් කුපාඩිකම වනචරකම මෙයාගේ ඉහවහා ගිහින්.. මීට පෙරත් විනය කඩ කළා. මේ වගේ මිනිස්සු ක්‍රීඩාවෙන් ඉවත්කළ යුතුයි. මෙයාව ආපසු ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්තොත් විනය නීති පොත ලිපේ දාන්න වෙයි. මොහු වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අවමානයක් වගේම අනෙක් තරුණ ක්‍රීඩකයින්ට වගේම තරුණ පරපුරට දෙන්නේ ද වැරැදි ආදර්ශයක්... ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මොහු කිසිසේත් නුසුදුසුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කිසි දාක නොගත යුතු පුද්ගලයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතාලියේදී  මියගිය ලක් තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි
2023 නොවැම්බර් මස 28 666 0

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්


බාල බෙහෙත් ගැන විමර්ශනය කරද්දී හිටපු ලේකම් ලෙඩ වේ
2023 නොවැම්බර් මස 28 490 0

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ.


හොර බෙහෙත් සිද්ධියට මුදල් අමාත්‍යංශයේ දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි
2023 නොවැම්බර් මස 28 211 0

නිසි ක්‍රමවේදයකින් නැතිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මීළදී ගෙන රජයේ රෝහල්වලට බෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන


SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය
2023 නොවැම්බර් මස 28 29 0

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල


අන්තර් ජාලයෙන් මිනිසුන් රවටා ලක්ෂ ගණන් වංචා කරලා
2023 නොවැම්බර් මස 28 401 0

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නිරතව සිටියේ යැයි කියන පුද්ගලයකු කොළඹ, මට්ටක්කුලිය පොලිසිය විසින් පෙරේදා (27) ස


බිහිරි පිරිසකගේ කෝටියකටත් විදලා
2023 නොවැම්බර් මස 28 339 0

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 732 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 570 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4380 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site