IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

 

(විනීතා එම්. ගමගේ)
නිවුණු සැනසුණු සමාජයක් දැකීමට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි  මහනායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැප කිරීම සමස්ත බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට ලක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක ධූරය සඳහා චන්දසිරි නාහිමියෝ සියලු සුදුසුකම් සපුරා සිටින්නේ යැයි ද රාජපක්ෂ මහතා පැවැසීය.
 “සම්බුද්ධ සාසනයටත් ලෝකවාසි ජනතාවටත් අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමිපාණන් වහන්සේ කර ඇති විසල් මෙහෙවර අමරණීයයි.  
උන්වහන්සේ දේශ දේශාන්තර වල වැඩම කරමින්, උතුම් සම්බුද්ධ දේශනාව, ථේරවාදී සම්ප්‍රදාය අනුව ජනතා හිතසුව පිණිස දේශනා කළා. චන්දසිරි නාහිමියෝ මේ පදවියට පත්වන්නේ, අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරහෙි, විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙනුයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක ධූරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමින් වහන්සේට එකී ධූරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද(14) පැවති උත්සව සභාවක් අමතමිනි.
 

 

 



අදහස් (1)

දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ

Kuttiarachchi Saturday, 15 January 2022 07:13 PM

රජය බලයට ගේන්න හුඟක් මහන්සි වුණු කෙනෙක්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site