(සුමිත් ප්‍රේමතිලක)
කළුතර,දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක අභිරහස් අන්දමින් මියගොස් සිටියදී අද පස්වරුවේ හමු වූ බව දොඩම්ගොඩ පොලීසිය කියයි.
දොඩංගොඩ, උඩවත්තගොඩ ලිපිනයේ පදිංචිව සිටී යසබෙලා මෙරායා විජේගුණතිලක නැමැති 54 හැවිරිදි අවිවාහක කාන්තාවක මෙසේ මියගොස් තිබේ. මියගිය කත මුදල් පොලිසිය ලබා දුන් කාන්තාවක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
තනිව නිවසේ ජීවත්ව සිට ඇති ඇය දක්නට නොමැති බැවින් සොයා බැලීමේදී නිවසේ කාමරයක් තුළ මියගොස් සිටිනු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් නිලධාරියෙක් කීය .
හිසේ කැපුම් තුවාලයක් සහිතව රුධිරය වහනය වී ඇති බැවින් මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකර පරීක්ෂණ සිදුකරන බව පැවසේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් අද පස්වරුවේ පරීක්ෂණ සිදුකල අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් පොලීසියට දුන්නත් පොලියට දුන්නත් දෙකම එකයි. ආයෙම හම්බවෙන්නෙ නැහැ.
හැමතැනම මිනීමැරුම්, මංකොල්ලකෑම්... මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ...?