
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද(19) නියෝග කළේය.
ඇප ලබා දෙනවාද යන්න ගැන හෙට දින සලකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
එමෙන්ම ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙසට ද නියෝග කෙරිණි.
ඒ අනුව පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් යටතේ දේශබන්ධු තෙන්නකෝන් මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියේය.
විවෘත වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තුවෙන් දින 19කට පසු අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් විය.
COMMENTS
සියළුම බන්ධනාගාර වැසියන් මේ මාව බලගත්තාටත් වඩා හොඳින් මෙතුමාව බලාගන්න ඕනේ. මෙතුමාට කිසිම අඩුවක් කරනවා එහෙම නෙමෙයි...!
නොදකින්... ඔක්කෝම යාලුවෝ..!
අතපය දිග ඇරලා ගජරාමෙට කාපු බීපු කෙනෙක් වගෙයි නේද පෙනෙන්නේ?
කුණු ගොඩකට වහන්න කළු කපුටෝ රෑනක් මාතරට ඉගිල්ලුනාලු නේද..? කුණුගොඩවල් මත යැපෙන අමනයෝ ඉන්න රටක් මේ කපේදී නම් හදන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ආණ්ඩුවත් කුණු කාරයෝ හුරතල් කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ජාතියේ කරුමෙට ද මන්දා කොන්ද කෙලින් තියන නායකයින් මේ රටේ පහල වෙන පාටක් පේන්න නැහැ.. හැමෝම හරිම හුරතල්...!!!
පොලෝසියට කට්ටි පැන්නේ ඇයි කියලා කරන බාල්ක සංග්‍රහය මෙයාට නැද්ද…? එන් පී පී ගරු අනුසාශක ටිරාන් කොහෙද ඕවට ඉඩදෙන්නේ…?
"චීටර්" ලාව හුරතල් කරන්න බැරි ලෙඩේ තමයි කෞෂි මට තියෙන්නේ.. ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ බොරුවෙන්, හා ආත්ම වංචාවෙන්.. හොර තක්කඩි කම් කරන්න ලැජ්ජා බයක් ගෑවිලාවත් නැහැ... අනික ඉතින් මේ රටේ වැඩිපුරම ගෞරව කරන්නේ තක්කඩියන්ටනේ. සමහරක් එවුන්ගේ නමට ඉහලින් තියන ගෞරව නාම දැක්කම අර කොහෙන්ද මන්දා හිනා යනවා. රටේ විනය ආරක්ෂා කරන්න ඉන්න පොලිසියේ ලොක්කාගේ විනය ඔහොම නම් පොලිසිය ගැන කවර කතාද..? කුණු රසය ටෙලි ඉස්මතුකරන ටෙලි නාට්‍ය සංස්කෘතියට ඇබ්බැහි වී සිටින මේ රටේ ජනතාව දිනපතාම මේ හා සමාන අත්අඩංගුවට ගැනීමේ මාධ්‍ය සංදර්ශන දැකලා උම්මාදයට පත් වෙනවා. ඔය හොර තක්කඩි ජාලයේ සිටින කිසිවෙකුට හිර දඬුවම් නැහැ. දැනටමත් පොලිස්පතිතුමාත් අසාධ්‍ය රෝගියෙක් බවට නිර්දේශ වෙලා ඇති. අපි ඔක්කෝම බක බක ගාලා හිනාවෙවී සතුටින් කුල්මත් වෙලා ජීවත් වෙමු..!
දාමු මූණු පොත් සාදයක්, බද්රානි, ඕවා අමතක වෙන්නත් එක්ක. බන්ධු නැති එකේ නෝනත් එයි...!