(ලක්ෂ්මී ජයකොඩි)
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු ලිපියට පිළිතුරු යවමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
රට යථාතත්ත්වයට පත් කිරීමටත් රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමටත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන් හා සිවිල් සමාජයේ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පොදු වැඩපිළිවෙලක් ක්‍රිියාත්මක කිරීමට ජනාධිපතිවරයා දරන උත්සහාය අගය කරන බවද අමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
දේවානන්දා අමාත්‍යවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති අනෙකුත් ඉල්ලීම් මෙසේය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නිතීරීති සම්පාදනය, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හා අධික්ෂණණය සඳහා කමිටුවක් පත් කිරීම එම සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සදහා අවශ්‍ය නීතිමය හා ව්‍යවස්ථාදායකමය නිර්දේශ එම කමිටුව මගින් නිර්දේශ කළ යුතුය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු අතර ආරක්ෂක අංශ සතුව ඇති උතුරු නැගෙනහිර පළාත් වල ජනතාවගේ පුද්ගලික ඉඩම් නිදහස් කළ යුතුය. වන සංරක්ෂණ පනත යටතේ දැනට ගැසට් කර ඇති ඇතැම් ඉඩම් වගා කළ හැකි ඉඩම් වන අතර විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ ජලජීවි වගා බිම් හා තණබිම් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම ඉඩම් රක්ෂිත ලෙස ගැසට් කිරීම නිසා ජලජීවී වගා වලට මෙන්ම සාමාන්‍ය වගා කටයුතු වලට බාධාවක්ව තිබේ. එම නිසා 2012 වසරේ නිකුත් කරන ලද වනවගා රක්ෂිත ගැසට් නිවේදන නැවත සමාලෝචනය කළ යුතුය.
පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන පනතට අනුව නව පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක නම් කිරීම් පිළිබඳ කිසිඳු සඳහන් කිරිමක් ඉදිරිපත් නොකොට උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක් වෙන් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ. පුරාවිද්‍යා ස්ථාන ලෙස එම ස්ථාන විධිමත්ව නිවේදනය කොට නොමැති වුවද එම ස්ථාන වලට ජනතාවට ඇතුළුවීමට ඉඩනොදෙයි.
අප ඉල්ලා සිටිනුයේ උතුරු නැගෙනහිර පළාත් වල යම් ස්ථානයක් අලුතෙන් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කිරීමට පෙර එම ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරනු ලබන බලධාරීන් හා සාකච්ඡා කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල ඇතුළෙත් ඔවුන් හොයන්නේ තමන්ගේ බඩ පුරවාගන්න මී කිරි සහ කිතුල් පැණි...
ගිනි ගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරපු එක තමයි මෙයාලා හැමදාම කරේ. මැතිවරණයක් ලගදී එයි කියලා අමුඩේ ගහනවා. උතුරේ මිනිස්සුත් රටේ අනිත් පලාත්වල මිනිස්සු වගේම තමයි දුක් විදින්නේ. අමුතුවෙන් ලොකු දෙයක් නෑ.
අපි කිව්වා හරි... ඔන්න දෙමල්ලු කළදුටුකළ වල ඉහ ගන්න ඔවුන්ගේ ඉල්ලීම් දැම්මා... පුරාවිද්‍යා ස්ථාන උතුරේ ඇතිවුනේ දෙමල්ලු ලංකාවට එන්න කලින්. අපි මොකටද ඔවුන්ගෙන් අවසර ගන්නේ.. පුරාවිද්‍යා ස්ථාන නම් කරන්න. ඔය නිසයි සිංහල අපි කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු ඕනේ නැහැ කියලා. හම්බයින්ගේ ඉල්ලම් මොනවාද කියා දැනගන්නත් අපි සතුටුයි...!