(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි ද පවසයි.
යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂි වහනවා.. ඒත් අතාරින්න එපා.. බටලන්ද කාලේත් මේ වගේ සාක්ෂි වැහුවා.
අනුර අංකල්, මොකක්ද හලෝ මේකේ තේරුම? මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැරි හාල්පාරුවෝ ටික අයින් කරලා පුළුවන් මිනිහෙකුට ඕක බාර දෙනවාකෝ...! මේවා ජාත්‍යන්තරයට නිව්ස්. බැරිවෙලාවත් සංචාරකයෙකුට වැදුණොත් තමුන්ගේ අයවැයට යන්න වෙන්නේ හොම්බෙන්...
මේ රටේ නීතිය හා සාමය කොහේද? සෑම දිනකම මිනීමැරුමක් සිදුවෙනවා. AKD විහිළුකාරයෙක් පමණයි. කතා කරනවා විතරයි. නමුත් ප්‍රායෝගිකව කිසිවක් නැහැ...
මට මතකයි මගේ ළමා කාලයේදි කිසියම් ඝාතනයක් සිදුවූ විට ඕක ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වැඩක් කියලා කටකතා පැතිරිමක් වුණා...! අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ කිසියම් අත්වැරැද්දකින් ජනාධිපතිවරයා ඝාතනය වූ බවට කටකතාවක් පැතිරුණා! පාස්කු ප්‍රහාරය සිදුවන විටදීද මෙය හා සමාන කටකතා පතුරුවා ISIS වෙනුවට වෙන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් කටකතා පතුරුවා හරියි! මෙය ඉතාමත් අබුද්ධික ආකාරයෙන් ජනසමාජයේ ගිලාබසිමින් පවතී. තවද මේවැනි ඝාතන රැල්ලක් පැවැතීමට හේතුව වන්නේ පවතින රජය විවිධ ආගමික ජනසමූහය සදහා නීතිය නැවීමට පහසුකම් සපයා දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කරමින් පුහු චෝදනා ඉදිරිපත් කිරීමයි! මෙය තවත් ප්‍රහාරයක් සඳහා බූමරංග රජයක් නොවේවා...!
ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද?
ගරු ජනාධිපතිතුමනි, මේවා බංකලොත් දේශපාලකයින් මෙච්චර කල් හුරතල් කර හදාවඩා ගත් පාතාලයින් නැවතත් එම බංකලොත් දේශපාලකයින්ව බලයට ගෙනඒම සඳහා කරන වැඩ. එම නිසා වහාම මෙයට විසඳුමක් දිය යුතුයි. එලෙස පොලිසියෙන් අත්අඩංගුවට ගනුලබන පාතාලයින්ව එල්ලා මැරිය යුතුයි. එසේ කරනවා නම් මින් ඉදිරියට පාතාලයින් හිස ඔසවන්නේ නැත. එනිසා කරුණාකර මරණ දණ්ඩනය නීතිගත කරන්න.
මෙය නම් සිදු විය හැක්කේ ශ්‍රී ලංකාවේ නොව පාතාලය රජ කරන ලතින් ඇමරිකානු රටක හෝ ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, සුඩානය වැනි අරාජික රටක විය යුතුයි. මාලිමාන්ඩුව බලයට පැමිණි සැනින් පාතාලය මර්දනය කළ නිසා. මහින්දලාට ගෝඨලාට තරු පෙනෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කළ නිසා. කයිය නැතුව වැඩ විතරක්ම කරන නිසා...
අංක එකේ පාතාලයෙක් පොලිස්පති කරගත් රටේ පාතාලයට යුක්තිය ඉෂ්ඨ එක ඒ තරම් ලේසි නෑ. ඔහොම යමු. AKD මැජික් කාරයෙක් නෙවෙයිනේ...
ආණ්ඩුවේ කයිය විතරයි.. වැඩ බෑ...!
මිනීමරපු අයට ඕවා ගාණක් නැහැ..!
රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ අපුලන්නෝ වැඩට බැහැලා තියෙන තරමට පෙනනෙවා මේවා ඔවුන්ගේ හාම්පුතුන්ගේ කුමන්ත්‍රණ කියලා, තව ටික දවසක් රඟන්න... ඊට පස්සේ ඕවාට පොලියත් එක්ක ගෙවන්න ලැහැස්ති වෙලා ඉන්න. තවම හැලියේ වතුර රත් වෙන්න ගත්තේ නැහැ. එතකන් දිය කෙලින්න පුළුවන්...
පාතාලෙ අයට ජේපී කම්දීපු අයට කතිරේ ගහපු අය මේවාට රජයට දොස් කියනවා. මේවා හැමදාම වුණා මෙතැන වැලලෙන්නේ මේවා මාස හතරකින් පටන්ගනිපු දෙයක් වගේ. කලබල වෙන්න එපා... මේ කෑගහන අයගේ කටවල් ඉක්මණට වැහෙයි. රටේ ජනතාව දන්නවා පාතාලේ එක්ක මේ රජයට ගනුදෙනු නැති බව...
මිනී මැරුමකින් හරි දේශපාලන වාසි අරන් පරණ රටේ ආර්ථිකය විනාශ කරපු අයට බලයට එන්න කතාවක් ගමේ රටේ නෑ. බූරු පොලක මිනී මැරුමත් ජාතික ආරක්ෂාවට තර්ජනය කීවාට ඕවා පිළිගන්න මන්ද බුද්ධිකයින් මේ රටේ හිටියේ 2024ට පෙර..., මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිවරු තුන් දෙනෙක් ඔවුන් කීවේ නෑ ජාතික ආරක්ෂාවට තර්ජනය කියලා, රටක වෙන මිනී මැරුම් නතර කරන්න ඇමරිකාවට, යුරෝපයට නතර කරන්න බෑ. මෑතකදි මහ දවාලේ හිටපු ජපන් අගමැති මරලා දැම්මා. ලතින් ඇමරිකාවේ, අප්‍රිකාව, යුරෝපයේ, දවසකට ඝාතන විශාල ප්‍රමාණයක් වෙනවා. වර්ණ භේදයට නිසා ලන්ඩනයේ පමණක් පසුගිය වසරේ 32 දරුවන් ඝාතනය කලේ, ඒ ඝාතන කාටවත්ම නතර කරන්න බෑ. සිවිල් මිනීමැරුම් වලින් දේශපාලන වාසි ගන්න බොහෝම අමාරුයි...
පෝය දෙකෙන් පාතාලය ඉවරෙටම ඉවර කරපු කයියනායකලාට අපගේ මෙව්වා එක. මේක ජාතික ආරක්ෂාවට එහෙම අදාළ දෙයක් නොවේ... මේක අයිති ළමා හා කාන්තා ගණයට. කෝ බූරුවො ටික...? දැන් හෝදපල්ලා...
ඉස්සර විපක්ෂයේ ඉඳගෙන බෙරිහන් දීපු එකෙක් හිටියා... "අපි ආවොත් සෙවල තීරණ ගන්නේ නැහැ කියලා" ඒ සෙවලයා කෝ දන්නේ නැහැ දැන්...?
මෙවැනි අවස්ථාවක ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය ක්ෂණික පනවා මාර්ග බාධක පනවා සැකකරුවන් අත් අඩංගුවට ගත යුතුයි. පොලිසියට මේ සඳහා ශ්‍රම බලකා නැත්නම්, රටේ මහජන මුදලින් නඩත්තුවන අනිකුත් ආරක්ෂක අංශ වල සහාය මේ සඳහා ලබාගත යුතුමයි.
ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න යන්න බංකුවකුත් අරන් බදුල්ල බස් එකට නැග්ග ගමන් මේක ආරංචි වුණා. ආරක්ෂක නියොජ්‍ය ඇමැති ඉන්නවද..?
ජාතික ආරක්ෂාව ගැන උගන්නන්න හදපු ඇමැති මේවාට මීක් නෑ. වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට ඕක බාර දෙන්න. කයිය විතරයි එයාගේ. අල්ලපු කෙනෙක් නෑ. බාරවනකන්ම ඉන්නවා බලාගෙන මොකටද මෙහෙම ඇමැති කෙනෙක්...?
බය වෙන්න එපා.. දේවාලේ දෙවියන් ඔක්කොම දැකලා හින්දා කාටවත් ගැලවිලා යන්න බෑ.
පාතාල කාරයෝ රැක්කේ, ඔවුන්ව පෝෂණය කෙරුවේ හිටපු බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවන්. ඒවායේ ප්‍රතිඵල තමයි... දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි දැන් අමතක වෙලා...
මාලිමාවුන් ආවාම වෙඩි තබා සමූහ ඝාතන කිරීම් කීයක් වාර්තා වුණාද? ඇයි මේවා මෙහෙම වෙන්නේ? රට ආරාජික වෙලාද? මාලිමාවුන් පලිගැනීම් කරනවාද?
මාලිමා ආණ්ඩුව බලේට ගෙනාපු අයද මේවා කරන්නේ? පොලිසියත් තුෂ්ණිම්භූත වෙලා වගේ. පේන විදියට පොලිසිය මේවා ගැන හොයන එක අත ඇරලා වගේ...
ලොකුම පාතාල සහ මාෆියා තිබෙන්නේ රජයේ සේවය තුළ, දැන් ඉස්සරටත් වැඩිය වැඩි වැඩියෙන් ජනතාව තලාපෙළා දමමින් පගාව ගන්න රජයේ සේවකයෝ කටයුතු කරනවා. දේශපාලන අධිකාරියට ඔවුන් පාලනය කරගන්න බැරිවෙලා තිබෙනවා. තමන් යටතේ සිටින රජයේ සේවකයෝ ටික පාලනය කරගන්න බැරි ආණ්ඩුව කොහොමද හොඳින් සංවිධානය වුණු පාතාල කණ්ඩායම් මර්ධනය කරන්නේ? දවස් 20 හැංගිලා හිටිය දේශ බන්ධු ස්වේච්ඡාවෙන් ඇවිත් භාර වුනේ නැතිනම් අල්ලා ගන්න අදටත් බැහැ. ආරක්ෂක අංශ වල සහ මුදල් අමාත්‍යාංශය මහ බැංකුව වැනි තීරණාත්මක ආයතන වල ප්‍රධානීන් තවම වැඩ කරන්නේ රනිල් රාජපක්ෂලාට ඕනේ විදිහට... නමුත් බහුතරයක් ජනතාව සිටියේ රජයේ පැත්තේ.., නමුත් දැන් හාල් වලට 50% සහ වෙනත් භාණ්ඩ වලට මහා බැංකු නිලධාරීන්ගේ උපදෙස් පිට අසීමාන්තික ලෙස බදු ගැසීම සහ ඡන්ද පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාවද ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩුවෙන් ඈත් වෙන බව නිරීක්ෂණය වෙනවා...
පේන හැටියට පාතාල කණ්ඩායම් ගොඩයි.. සම්බන්ධතා ජාලයයි. තව ටික දවසයි. අවි ගත්තෝ ඒ අයගෙන්ම අවසන් වෙයි.
මේ පාතාල කණ්ඩායම UNP හා පොලිස් ස්ථාන දෙකක හා අධිකාරි කාර්යාලයවලද අනුග්‍රහය ලැබූ පවුලක්, ඥාතීන් මූලික මැර කල්ලියක්. මොවුන් කරපු සමහර අපරාධ ළඟදී එක් යූටියුබ් චැනල් එකක දෙවතාවකදී කියැවුණා. මොවුන්ගේ පවුල්වලට සම්බන්ධ හතර දෙනෙක් මරණ දඬුවමට යටත්ව හිරගෙදර. මේවා අද ඊයේ පටන්ගත්තා වගේ දඟලන අයට මේ තොරතුරු වැදගත් වෙයි. මේ තොරතුරු හොයලා දාන එක ජනමාධ්‍ය කරන්න ඕනෑ රාජකාරි.
කෝ අර ජාතික ආරක්ෂාව ගන ටියුසන් දෙනවා කියපු කෙනා