IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණියගේ දිවි බේරා ගැනීමට  දුම්රිය රියදුරුගේ දැඩි අවධානය නිසාවෙන් අද (10)  උදෑසන හැකි ව ඇත.

එම මවගේ සහ දියණිය ගේ දිවි බේරුණ ද දුම්රිය ගැටීමෙන් දෙදෙනාටම සුලු තුවාල සිදුව ඇති අතර 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් එම දෙදෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

අදාල අංක 830 දරණ දුම්රිය අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී හිගුරල උප දුම්රිය ස්ථානය අසල දුම්රිය නැවැත්විය යුතු නිසාවෙන් එම දුම්රිය වේග පාලනයක් යටතේ ධාවනය කර වූ බැවින් මෙම ජීවිත දෙක බේරා ගැනීමට හැකි වී ඇතැයි සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් පැවසීය.
 

 

 



අදහස් (1)

දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි

සෙනෙවිරත්න Thursday, 10 October 2024 12:58 PM

දුම්රිය පාරේ නිදාගත්තේ මැරෙන්නම වෙන්න ඕනෑ. සුවය ලැබූ පසු උපදේශනය වෙත යොමු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site