(මහින්ද නිශ්ශංක)
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වී ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
මේ හේතුවෙන් දුම්රිය ආසන වෙන් කිරිමට නොහැකිවීමෙන් දුම්රිය ආසන වෙන් කිරිමට පැමිණෙන මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ද අමාත්‍යාංශයේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
දුම්රිය ආසන වෙන් කිරිම මාපියාවක් බවත් එමගින් සිදුවන ප්‍රවේශපත්‍ර මංකොල්ලය හා වංචාව සෙවීමට විශේෂ විමර්ශන ඒකකය නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා කීය.
කොටුව -මහනුවර නගරාන්තර දුම්රියේ රුපියල් 1500 ක් වන පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රය විදේශ සංචාරකයන්ට රුපියල් 6000 විකිණීමේ ජාවාරමක් පවතින බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.