IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ

(සුජිත් හේවාජුලිගේ)

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා 2022 වර්ෂයේ අතුරු අයවැය ප්‍රතිපාදන මගින් රුපියල් කෝටි විස්සක් භාණ්ඩාගාරයෙන් ලබා දී තිබූ අතර ඉන් රුපියල් කෝටි 19ක් වැයකර දුම්රිය මැදිරි පහක් අලුත් වැඩියා කර තිබූ බව වාර්තාවේ දැක්වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ අවසානයට පැවැති  රුපියල් කෝටි 797ක තොග ලිහිසි තෙල් සහ දුම්රිය ඉංජින අමතර කොටස් තොගයෙන් රුපියල් කෝටි 33ක් වටිනා තොග අයිතම වසර හතරක කාලයක් තුළ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය කර ආරම්භ කරන ලද ව්‍යාපෘතිය අවසන් කර තිබූ නමුත් එම පද්ධතිය ප්‍රායෝගිකව භාවිතා නොකිරීම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණු ඉටු නොවී දරන  ලද වියදම සම්පූර්ණයෙන්ම නාස්ති වී තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවේය



අදහස් (5)

දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ

vernon Saturday, 11 January 2025 03:47 PM

මේ විගණන විමසුම් වලට ඒ ආයතනයේ පිළිතුර නැත්තේ ඇයි?

:       0       65

Perera Saturday, 11 January 2025 04:09 PM

ඔය දුම්රියේ එළවළු ප්‍රවාහන ව්‍යාපෘතිය, රනිල්ගේ තව එක් අසාර්ථක ව්‍යාපෘතියක් නේද?

:       35       20

KapSaturday, 11 January 2025 06:32 PM

මේකේ රනිල්ගේ අසාර්ථක බවක් නැහැ. ප්‍රොජෙක්ට් එක බාරව ඉන්න අය හරියට කරන්නේ නැහැ. ඉන්දියාවේ 90% භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ දුම්රියෙන්. මොවුන් ලොරි කාරයින්ගෙන් සල්ලි අරන් මේවා කඩාකප්පල් කරවනවා..

:       3       41

ලක්විදුSaturday, 11 January 2025 09:02 PM

උපදේශකයන්ම 92 කුත් තියාගෙන ලොරි කාරයන්ට පැරදිච්ච එක, සහ අනිත් මෙහි සදහන් දේවල් නිසි පරිදි කලමනාකරණය නොකරපු එක තමයි හලෝ KAP රනිල්ගෙ අසාරථක කම කියන්නෙ.

:       2       5

pakeer Sunday, 12 January 2025 11:47 AM

මේක ඉතාම හොඳ වැඩක්... රනිල් නොවේ කවුරු ගෙනාවත්... මේක තමයි ලාභම සහ කාර්යක්ෂමම ක්‍රමය. වෙලා තියෙන්නේ නිලධාරීන් මේකට කැමැති නැහැ. අතරමැදියෝ මේකට කැමැති නැහැ. හරි නම් කරන්න ඕනේ... සුමානයකින් පරීක්ෂණයක් පවත්වලා... අදාල අය ගෙදර යවන එක...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site