IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දිළිඳු හෝ අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් "ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම දිළිඳු හෝ අඩු ආදායම් ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනා ගෙන නිවසක් ඉදිකිරීම, වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනු ලබයි.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000 ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වේ. වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000 ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000 ක් දක්වා වැඩි වී ඇත.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000 ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000 ක් දක්වා වැඩි කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි

Perera Tuesday, 22 April 2025 01:37 PM

වැඩේ නම් හොඳයි හැබැයි මේ චන්දයක් ඔන්න මෙන්න තියෙද්දි ඔහොම දෙනවා කියන එක ඡන්ද අල්ලස් ගනයට වැටෙන්නේ නැද්ද මැතිවරණ කොමසාරිස්තුමනි?

:       0       6

සකියම Tuesday, 22 April 2025 07:32 PM

බැලූබැල්මට වැඩේ හොඳ උනාට, වටහාගන්න ඕන දේ තමා, කිසිම දෙයක් නොමිළේ නොලැබෙන බව. ඔය සහනාධාර වලට ගෙවන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්. ආබාධ සහිත, වයස්ගත අයට කමක් නැති වුනත්, අනෙක් අයට සහනාධාර නොව, වැටුප් ලෙස සංශෝධනය විය යුතුයි. සල්ලි දෙන්න නම් වැඩක් ගත යුතුයි. ඔය සංචාර යන අතරතුර ඒ ඒ රටවල කටයුතු කෙරෙන ආකාරයත් බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත





අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ
2025 මැයි මස 06 2344 0

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 2061 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 823 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1254 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site