IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා

(ගයාන් සූරියආරච්චි)

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.

මේ වන විටත් ලක්ෂ තුනකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම් සැදී සිටින අතර ඉදිරි දින දෙක තුළදී පැමිණෙන බැතිමතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි වනු ඇති බව පොලිසිය කියයි.

මේ වන විටත් බැතිමතුන් විශාල පිරිසක් දිගු පෝලිම් සැදී සිටින බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඉදිරි දින දෙක ඇතුළතත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණියහොත් ඔවුන්ට දළදා වන්දනාව සිදු කිරීමට නොහැකි වනු ඇති බවය.

සිරි දළදා වන්දනාව ඉකුත් 18 වැනිදා ආරම්භ විය.

(ඡායා ජේ.ඒ.එල් ජයසිංහ)

 



අදහස් (4)

දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා

පිටිගල මිලානෝ Wednesday, 23 April 2025 06:02 PM

කටේ තියෙන්නේ ඩිජිටල් කරණය. ඔය ඩිජිටල් කාරයින්ට බැරිවුණාද කිව් ආර් කෝඩ් එකක් හදලා ඔන්ලයින් බුක් කරලා ඒ ඒ දිනවලට අවශ්‍ය බැතිමතුන් ප්‍රමාණය පමණක් ගෙන්වා ගන්න. අනවශ්‍ය අධික මහන්සිය, නිදිවැරීම, ශාරිරික පිරිසිදු බව මෙන්ම අනවශ්‍ය වියදම් පවා මනාව කළමනා කරගන්න තිබුනා නේද…? මට කිව්වා නම් ඕක මම කරලා දෙනවා නොමිලේ…

:       0       0

ගුණරත්න Wednesday, 23 April 2025 10:22 PM

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල කියපු පරණ ප්‍රස්ථාව පිරුලට අලුත් අර්ථකතනයක් දුන්න අපේ කයිතානෝ. ජනාධිපති ප්‍රේමදාස හිටිය නම් ඔගනයිස් කරන හැටි බලාගන්න තිබුණා, අවශ්‍ය මූලිකම පහසුකම් ටිකවත් දෙන්න බැරි තරමට අසංවිධානාත්මක ප්‍රදර්ශනය නිසා දන්ත ධාතූන් වහසේට අගෞරව වෙන සිදුවීම් වුණා. මිනිස්සු දුක්වින්දා, එක් අයෙක් මැරුණා. මේ ආණ්ඩුව ආවා විතරයි මේ රටට සාපයක් වැදුනා. 60,000ක් මරපු ලේ සාපය.

:       0       0

prasanna Thursday, 24 April 2025 11:01 AM

හෙනම් අද වැඩිම පිරිසක් දළඳා වඳින්න ඒවි

:       0       1

Manorathna Thursday, 24 April 2025 03:41 PM

කවුරු මොනවා කිව්වත් ඇඹිලිපිටියෙන් මහනුවර බලා ගිය බසයකට අහම්බෙන් මමත් ගොඩවුණා. රුපියල් 140/= දුරක් මම ගියා බසයේ සිටි බොහෝදෙනෙක් සුදු ඇඳගත් අයම තමයි. ඔය අතරේ හිටපු කාන්තාවක් ඇයට තරමක් වයසෙන් අඩු සුදු තොප්පියක් දමාගත් කාන්තාවකගෙන් ඇහුවා මම කරාබු දෙක පූජා කරනවා. ඒක අගේද කියලා අනෙක් කාන්තාව කිව්වා අගෙයි කියලා දැන් කාලයේ මිනිස්සු දුරදිග හිතනවා අඩුයි. නැත්නම් කොහොමද සුදු සැරයටි අරගත් පිරිස් දළදා නමස්කාරය කරන්න ගියේ. ඇස් පෙනෙන අය කරඩුවේ වැඩසිටින දළදා වහන්සේ වදිනවා වගේ තමයි දෑස් නොපෙනෙන අය කරඩුවෙන් පිටත වැඩසිටින දළදා වහන්සේ වැඳීමත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site