
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.
ඊට අමතරව ප්ලාසිටික් වතුර බෝතල් ලක්ෂ 35ක් පමණ පරිසරයට මුදා හැර ඇතැයි ද නාමල් ධම්මික මහතා කියා සිටියේය.
ඉතාමත් අවිධිමත් ලෙස එම කසල නගරයේ තැන්තැන්වල දමා යාම නිසා නගර සභා සේවකයන් මෙන්ම නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගිහි පැවැදි විශාල පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
ඇතැම් පිරිස් සිලි සිලි මලුවලට දැමූ මළ මූත්‍ර පවා තිබෙන බවත් ඇතැම් පිරිස් වතුර බෝතල්වලට මුත්‍රාකර නගරයේ තැන් තැන්වල දමාගොස් තිබූ බව ද දිසානායක මහතා කීය.
මේ හේතුවෙන් කසල වෙන් කිරීමේ දී නගර සභා සේවකයන් ඉතා අපහසු තාවයන්ට මුහුණ දුන් බවත් කසල වෙන් කිරීම ඉතා කටුක කටයුත්තක් වී තිබෙන බවද කියයි.
දළදා දැක්මේ අවසන් දිනය වූ අද දහවල් 12.00 පමණ වන විට කසල ටොන් 528 ක් ගුහාගොඩ කසල අංගනයට යොමු කළ බව පැවසූ නාමල් දිසානායක මහතා දළදා දැක්ම අවසන් වන විට එය කසල ටොන් 600 ඉක්මවා යනු ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැදැහැවන්ත කුණු නිසා ඉවත්කරන අයට පින් රැසයි. සංස්කෘතික වටිනාකමකුත් තියෙන නිසා සම්ප්‍රදායත් රැකෙනවා.
මිනිස්සු ලක්ෂ ගණනක් ආවා. සමහරුන් දවස් 2-3 පෝළිම්වල හිටියා. මේ පිරිසට අවශ්‍ය වැසිකිළි පහසුකම්, කසල බැහැර කිරිමේ පහසුකම් දෙන එක සංවිධායක පිරිසගේ වගකීම ක්. වැසිකිළි යන්න තැනක් නැතිනම් මිනිස්සුන්ට ඉබේ ම ඒ කටයුත්ත වෙනවා මිනිස්සුන්ට චෝදනා කරලා වැඩක් නැහැ
රටේ ඉන්න ගව සම්පත
මෙට්‍රික් ටොන් 600 ක කසළ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර නිසි ආකාරයෙන් බැහැර කිරීම අදාළ නගර සභාව සතු වගකීමකි. නගර සභාව විසින් සපයන ලද බඳුන්වලට කසළ බැහැර කර ඇත්නම්, එය ඒ අනුව හැසිරවිය යුතුව තිබුණි.
පරීහරණය කරන්න ඇති , නමුත් ඔවුන් ගෙනල්ලා නොවෙයි . දනස්ල් දීපු ඒවත් ඔතන 50%ක් පමණ තිබුණා.