
( ලලිත් නවරත්න)
වෙන්නප්පුව බංඩිරිප්පුව ප්‍රදේශයේ යාබද අසල්වාසී නිවසකට ගමන් කරමින් සිටි දරුවෙකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා අද( 17) මරණයට පත්ව ඇතැයි උදාසිරිගම පොලීසිය පවසයි.
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව බංඩිරිප්පුව පදිංචිව සිටි ජීවන් සස්මින් නැමති වයස අවුරුදු දෙකක දරුවෙකි. මෙම දරුවා යාබද නිවසේ පදිංචි තවත් දරුවෙකු සමඟ එම නිවසට ගමන් කරමින් සිටියදී පොල් ගෙඩියක් දරුවාගේ හිස මතට වැටී ඇත.
ඒත් සමඟ තුවා ලැබූ දරුවා සිහිසන්ව වැටී ඇති අතර වැඩිමහල් දරුවාගේ කෑ ගැසීමත් නිසා එම ස්ථානයට පැමිණි දෙමව්පියන් දරුවාව වහාම ලුණුවිල රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව රෝහල් බළධාරීන් අසාධ්‍ය තත්වයේ පත්වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කර ඇත. අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් තවදුරටත් වැඩිපුර ප්‍රතිකාර සඳහා දරුවා කොළඹ මහා රෝහලට ඇතුලත් කළත් එහිදී දරුවා මරණයට පත්ව ඇත.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි