
(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැක්ම 2025 - 2029 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබේ.
රජයේ "Clean Sri Lanka" වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
එසේම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතිසා ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහා ද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය පවසයි.
දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම් වලට අනුකුලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025-2029 කාලසීමාව සඳහා නව දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.
ඒ අනුව, අමාත්‍යාංස, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2025-2029 ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2023 අංක ක9 දරණ දූෂණ විරෝධී පනත යටතේ විමර්ශණයක් පවත්වන්න කියලා මම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඒ පැමිණිල්ල හරියටම විභාග කලොත් දකුණු පළාතේ ආණ්ඩුකාරයා, ප්‍රධාන ලේකම්, අධ්‍යාපන ලේකම් ඇතුලු බොහෝ පිරිසක් හිරේ යන්න ඕන. දඩ කන්නත් ඕනෑ... මොකද ඒවා පැහැදිලිවම දූෂණයක් නිසා... තමන්ට ලාභ ප්‍රෙයා්ජන තියෙන විදුහල්පතිවරු අවුරුදු 20 කටත් වැඩිය පාසල් වල රඳවා ගෙන සිටීම නොවේද? අධිකරණ නියෝග පැහැර හැරීම දූෂණයක් නොවේද? මේ පනත තරම් ශක්තිමක් දූෂණ විරෝධී පනතක් දකුණු ආසියාවේ කිසිම රටක නැහැ. නමුත් පනත තිබුණාට වැඩක් නැහැ. ඒකෙන් ප්‍රයෝජන අරන් දූෂිතයින්ට දඬුවම් කරන්නේ නැත්නම්... ඒ නිසා පැමිණිලි කරන අය නිතරම පසු විපරෙමෙන් සිටිය යුතුයි. තොරතුරු පනත ප්‍රකාරව පසු විමරම් කළ යුතුයි. නැතිනම් කොතරම් ශක්තිමක් පනත් කිබුණත් දූෂණය නතර වෙන්නේ නැහැ.