
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහා සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) දෙවැනි දිනයටත් රැස්විය.
විමර්ශන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳවද කමිටුවේදී ඊයේ සාකච්ඡා කෙරිණි
ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 සඳුදා නැවත රැස්වීමටද එහිදී තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලීප පීරිස් මහතා ආවා කියන්නේ, දේශබන්දුගේ පොලිස්පතිකම විතරක් නොවෙයි රෙදිත් ගලවනවා ෂුවර්..! ඒ විතරක් නොවෙයි නීතිපතිත් දැන් හරි ට්‍රැක් එකට වැටිලා වගේ...
එසේ මෙසේ ගලි වලක් නොවේ වගේ මේ පැටිකිරිය.
අති විශිෂ්ඨයි... ජයවේවා... දිලීප පීරිස් මහත්තයා .... මම හිතින් ප්‍රාර්ථනා කළ ඔබතුමාත් මෙතැන සිටිය යුතුයි කියා. දෙවියන්ට ස්තූති වේවා...!