IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දේශබන්දු කමිටුවේ සහායට නීතිපතියෙනුත් දෙදෙනෙක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල  අනිසි ලෙස  භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ  ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහා සහායවීමට  නීතිපතිවරයා විසින්  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති  නීතිඥ  දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම  ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) දෙවැනි දිනයටත් රැස්විය.

විමර්ශන  කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳවද  කමිටුවේදී ඊයේ සාකච්ඡා කෙරිණි 

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 සඳුදා නැවත රැස්වීමටද එහිදී  තීරණය කර ඇත.



අදහස් (4)

දේශබන්දු කමිටුවේ සහායට නීතිපතියෙනුත් දෙදෙනෙක්

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:06 PM

දිලීප පීරිස් මහතා ආවා කියන්නේ, දේශබන්දුගේ පොලිස්පතිකම විතරක් නොවෙයි රෙදිත් ගලවනවා ෂුවර්..! ඒ විතරක් නොවෙයි නීතිපතිත් දැන් හරි ට්‍රැක් එකට වැටිලා වගේ...

:       3       4

ජිල්බු Friday, 25 April 2025 06:13 PM

එසේ මෙසේ ගලි වලක් නොවේ වගේ මේ පැටිකිරිය.

:       0       9

nihal Friday, 25 April 2025 06:22 PM

අති විශිෂ්ඨයි... ජයවේවා... දිලීප පීරිස් මහත්තයා .... මම හිතින් ප්‍රාර්ථනා කළ ඔබතුමාත් මෙතැන සිටිය යුතුයි කියා. දෙවියන්ට ස්තූති වේවා...!

:       5       6

ජිල්බු Saturday, 26 April 2025 04:49 PM

දෙයියෝ කරපු වැඩේ මොකක්ද කියලා කරුණාකරලා කියන්න පුලුවන්ද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site