(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලතල අනිසි අන්දමින් පාවිච්චි කරන ලදැයි ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පත් කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පොලිස් විමර්ශන කණ්ඩායමේද සහාය ඇතිව විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මේ අනුව එම කමිටුව විසින් අද හෙටම විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.
ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (28) තෙවැනි වතාවට රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කමිටුව අද(30) නැවත රැස්වීමට නියමිතය.
ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතුවලට සහායවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිවු දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දේශබන්දු කමිටුව වැඩ අරඹයි