
(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කමිටුවට සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කරඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම කමිටුවට අගවිනිසුරුවරයා විසින් පත් කරන විනිසුරුවරයකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත්කෙරෙන වෘත්තිකයකු ඇතුළත් විය යුතුව ඇත.
මෙම කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා ඡන්ද එකසිය පනස් එකකින් සම්මතවිය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙම කමිටු වාර්තාව කතානායකවරයාට යොමු කිරීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කාටත් වැඩිය දේශබන්ධු ගෙන් සිද්ධාලේප ඉල්ලගෙන අහවල් එකේ ගාගත්ත කෙනාව පත් කරන්න ඕන. ඒ තරම් ගැලපෙන කෙනෙක් නම් මතක් වෙන්නේ නෑ....
දේශබන්දු පගාකෝන්ගේ වගේම අරන් අල්ලස්ගත් පැටිකිරිය හොයන්න... ඔයගමන්ම මොවුන් දෙන්නා තකට තක...