
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී අද (5) පස්වරුවේ සම්මත විය.
මේ අනුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නෙරපා හැරෙනු ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙවැනි යෝජනාවකින් පොලිස්පතිවරයෙකු නෙරපා හැරෙන ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
යෝජනාවට පක්ෂව ඡන්ද 117 ක් ලැබුණු අතර ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබිණ.
ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම ධූරයට වෙනත් පුද්ගලයකුගේ නාමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අද හෙටම නිර්දේශ කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායකවරයාට භාර දෙනු ලැබීය. ඒ අනුව කථානායකවරයා විසින් ඔහුට එරෙහි චෝදනා විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණ. එම කමිටුව විමර්ශනවලින් අනතුරුව සිය අවසන් වාර්තාව කතානායකවරයාට පසුගියදා භාර දුන්නේය. එම වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා සියලු චෝදනාවලට වැරදිකරු කරමින් ඔහු ධුරයෙන් නෙරපා හැරිය යුතු බවට නිර්දේශ කළේය.
ඔහු ධුරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුගේ ධූරයෙන් නෙරපන යෝජනාව සම්මතයි
Nelupa Tuesday, 05 August 2025 04:38 PM
සිද්ධාලේප හදන අයට තමයි බිස්නස් අඩුවෙන්නේ...!
wedage Tuesday, 05 August 2025 04:53 PM
හුරේ, ටිරාන්ට මොකද වෙන්නේ..?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 05 August 2025 05:44 PM
දැන් අර ගෙදර තිබුණු විස්කි බෝතල් දෙක තුනක් එක හුස්මට බීලා, හැංගිලා හිටපු මහ ගෙදරට වෙලා බුදිය ගන්න තමයි තියෙන්නේ...
fairoos Tuesday, 05 August 2025 05:52 PM
මෙච්චර අමාරුද? මේ වගේ කෙනෙක් එළවන්න...
අරවින්ද මොණරවිල Tuesday, 05 August 2025 06:02 PM
දයාසිරි වැලපෙනවා, නාමල් මරළතෝනි ගහන අතරේ සජිත් ඉකි බිඳිනවා. දේශබන්දූගේ පොලිස් දේහය ආදාහනය කිරිමේ උත්සවය අතරතුර...
පිටරැටියා Tuesday, 05 August 2025 06:46 PM
දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් වැජඹුණු දේශබන්දුට හොඳම වැඩේ. පොලිස් කියන වචනයේ අර්ථයවත් නොදන්නා කෙනෙක් වගේ වැඩ කෙරුවේ..?
Perakum Liyanagama Tuesday, 05 August 2025 07:31 PM
දූෂිත දේශපාලුවන්ට කඩේ යන නිලධාරින් ඉගෙන ගනිව්... මෙයින් හොඳ පාඩම්...
Perera Wednesday, 06 August 2025 01:00 AM
මූ පොලිස්පති ධූරයට තියා , කෝස්තාපල් තනතුරකටවත් සුදුසු කෙනෙක් නෙවෙයි.