
(රෝෂන් තුෂාර)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්‍ෂිත ඇප ඇයදුම්පත්‍රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් මෙම ඇප අයදුම් පත්‍රය ඉදිරිපත් කළේය.
2022 මැයි මස 09වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වන බවත්,එම නඩු කටයුත්ත විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට පෙර අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි .
මෙම අපේක්‍ෂිත ඇප ඇයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව ඒ පිළිබඳව කරුණු දැක්වීමට ලබන 05 වන දින අධිකරණය පෙනී සිට කරුණුු දක්වන්නැයි කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළාය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුගෙන් පූර්ව ඇප අයැදුම්පතක්
පන්සිළු Tuesday, 29 July 2025 07:36 PM
මේ උඩුයටිකුරු වෙච්චි සිද්ධියක්. නැවත දිනෙක යථා තත්ත්වයට පත් වේවි. එදාට...
ranjith Wednesday, 30 July 2025 07:27 AM
මේ මිනිහා ද සනත් නිශාන්තලා එක්ක හැසිරුණු විදිය හරිම අප්‍රසන්නයි. ස්වභාව ධර්මයෙන් කලකම් පළදෙනවා.