IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ගිනි අවියත් හමුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට යොදාගත් ටී පනස් හයේ ගිනි අවිය සොයාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයන් 6 දෙනෙකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

එම සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව කැකනදුර යටියන පාරේ දේවේන්ද හේන පාර නිවසක වහලයේ සිවිලිම තුළ, ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

සිදුවූ මෙම ඝාතනය විදේශගතව සිටින දෙහිබාලා නැමැත්තාගේ සහෝදරයා වසර කීපයකට ඉහතදී කාවාඩි පෙරහරක නර්තනයක යෙදි සිටියදී ඇති වූ පහර දීමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දිගින් දිගට සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති, අම්පාවිල , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි( අධ්‍යක්ෂක) ඉමේෂා මුතු මාලි ,සහකාර පොලිස් අධිකාරී කළු ආරච්චි මහත්ම මහත්මීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ්‍ ගයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 60728 සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 92371 මනුවිට 85151 මඩවල 97121 නන්දික 97479 පෙරේරා මහත්වරු පරීක්ෂණ පවත්වති.

 



අදහස් (1)

දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ගිනි අවියත් හමුවේ

dds Saturday, 12 April 2025 10:16 AM

මේ පාතාලයන්ට උදව් කෙරුවා කියලා පොලීසියේ ලොක්කෝ, නාකොටික් අය, එස්.ටී.එෆ්. හා හමුදාවේත් සම්බන්ධකම් කියැවෙනවා. කාරණා ඇත්නම් අධිකරණය දඬුවම්වලින් පසු ඒ අය සියල්ලෝම රැකියාවෙන් ඉවත්කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site