
(පී.ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
අරනායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ තරුණ පියකු ගොඩිගමුව අම්බලමේ දී සිය දරු දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර ඔහුත් දිවි නසා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු හයක සහ අවුරුදු නවයක දරුවන් දෙදෙනකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙසේ මරා දමා ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි නව හැවිරිදි සහ දෙනුවන් කරුණාරච්චි හය හැවිරිදි වියේ පසුවන්නන් බවත් ඝාතනය කළ බවට සැකකර පියා තිස්තුන් හැවිරිදි වසන්ත කරුණාරච්චි යන අයගේ සිරුර ගොඩිගමුව අම්බලමේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.
(ඡායාරූපය: සමන් විජය බණ්ඩාර)



COMMENTS
මත්ද්‍රව්‍ය හා සම්බන්දයක් තියනවද?
මේක නං පුදුම තිරිසන් ලෝකයක්.
ශ්රී ලංකා පොලිසිය, විනාඩි ගණනෙන් තීරණ දෙන්න කලින් මිනී මැරුම් දෙකක් ද තුනක් ද කියලා හොදට හොයල බැලුවොත් නරකද?
හැමදාම මිනීමැරුම්, මංකොල්ලකෑම්... දැන්නම් ලංකාව හොඳටම පිරිහිලා...
මිනිස් ආත්මයක ඉපදුණත් නැවතත් තිරිසන් ලෝකයේ ඉපදීමට හේතු හදාගත් කාළකණ්නියෙක් කියන්න පුළුවන්. ඇත්තටම ඉතාමත් හුරුබුහුටි මෙම දරුවන් මරන්න තරමින් ඒ කාළකණ්නියා දරුණු වුනේ කොහොමද? දරුවන් දෙදෙනාට මතු සසර ගමනේ කිසිම විටෙක මෙවන් විපතක් නොවේවා... !!!
හරිම දුකයි. අසරණ ළමයි දෙන්නා. මෙච්චර දෙයක් කරන්න පුළුවන් තාත්තලා ඉන්නවාද?
හෙනම ගහන්න ඕනෑ ඕකාට ලබන ආත්මේත්...
මිනිස්සු පුදුම විදියට මිනිස්කමෙන් බැහැර වැඩ කරනවා වැඩියි. මිනිස්සු දැන් දරුණුවෙලා. මනුස්සකම පිරිහෙනවා එන්න එන්නම. මේවාට ගොඩක් දුරට මිනිස්සුන්ගේ නැතිබැරිකම් බලපානවා වෙන්න පුළුවන්. මිනිස්සු සල්ලි පස්සෙම දුවනවා මනුස්සකම අතහැරලා. ඉහළ ඉඳලාම වෙන්නේ ඒකයි. පව් අසරණ ළමයි. ළමයින්ගේ අම්මා නැද්ද? අම්මට මොන දුකද්ද...? දරුවනේ ඔබලාට මෙවැනි අකල් මරණයක් අත් නොවේවා නිවන් දක්නා තුරු...!
තුර්කියේ භූමිකම්පාවක් වෙලා...
අපායක් කියලා දෙයක් තියෙනවා නම් මෙයාට සදාකල් අපාදුක් විඳීමට සිදුවනු ඇත. අපරාදේ අහිංසක දරුවන් දෙන්නා...
මේවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා .දෙනවානම් මේවා හෙලා දැකලා ඒක කරන්න ඕනේ .මෝඩ කමට මොනවා කරන්නද.අර අහිංසක නොදරුවෝ මැරුවේ මොන හිතකින්ද .මුර්ගයා උනත් තමන්ගේ පැටවුන්ට ආදරෙයි .ප්‍රශ්න ඕනේ තරම් ඇති .ඒත් ඒවාට ඔය වගේ විසඳුම් හොයන්න මිනිස්සු වෙලා උපදින්න ඕනේ
එතකොට කෝ මේ දරුවන්ගේ අම්මා?
ආර්ය,නාග ,යක්ඛ ගෝත්‍ර තුනටම සම්බන්ධ ප්‍රදේශයක් නිසා අරනායක වුනා කියලා කියන්නෙ
අනේ මොන හිතකින් මේ වගේ අපරාධ කරනවද මිනිස්සු. තමන්ගේම දරුවෝ. පපුව පිච්චිලා ගියා. ඇයි මෙහෙම මිනිස්සු දරුණු වෙන්නේ. අම්මා කොහේද මේ දරුවන්ගේ.... ඔබලාට නිවන් සුව පතමු.