
(අංජුල මහික වීරරත්න)
පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති 'එල්නිනෝ' තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.
ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ 2026 වසරේදී අක්කර 85,000ක් පමණ වන පොල් ඉඩම් ප්‍රමාණයක් ආවරණය කිරීමට ද, අඛණ්ඩව වසර 03 ක කාලයක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කර ඇත.
ඒ අනුව, අක්කර 05 ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමි සුළු පරිමාණ පොල් වගාකරුවන් වෙත පහත සඳහන් කාර්යයන් සඳහා වැය කරනු ලබන මුදලින් 65%ක උපරිමයකට යටත්ව දිරිගැන්වීම් ලබා දීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd