
(සුජිත් හේවාජුලිගේ)
නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර රටේ කොරෝනා ප්‍රශ්නයක් ලෙස අඩු තරම්න් තව වසරක කාලයක්වත් පවතිනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
විවිධ රෝගාබාධවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම වැදගත් බවත් නිරෝගි දරුවන්ට මූලික සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීමට කිරීමට මග පෙන්වීම් ලබාදීම ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා පැවසුවේය.
සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල් මට්ටමින් කමිටු පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
එන්නතෙන් සිදුවන්නේ වයිරසයේ පැතිරීම පාලනය නොව වයිරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ ඉස්මතුවීම සහ මරණ වැළැක්වීම බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.
මේ අතර සමාජයේ රංචු ප්‍රතිශක්තිය වර්ධනයවීමට නම් ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවසූ මහාචාර්යවරයා වයස 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතාවලින් පෙළෙන පුද්ගලයන්ට වාර්ෂිකව එන්නත් මාත්‍රා (බූස්ටර්) ලබාදීම වැදගත් බවද සඳහන් කළේය.
සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීම ජනතාවට අමතකවෙමින් තිබෙන බවද එසේ සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කළහොත් යළි අවදානමක් මතුවිය හැකි බවද හෙතෙම පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට නිකන් කියවෙන කතා.
පාසල් දරුවන්ට එන්නත ලබා නොදෙන්නේ නම්, ගව පට්ටි ප්‍රතිශක්තිකරණ ඉලක්කය වන 80% ට අපි කෙසේ ලඟා විය හැකිද?
මහාචාර්යවරැ වයසට යන විට නිකන් දොඩවනව. එසේනම් අර ලමුන් කුඩා කාලේ සිට දෙන වැක්සින් දෙන ඒව ගැන ඔබ තුමා මොනවද කියන්නෙ.
දරුවා නිරෝගී වෙන්න පුළුවන්. නමුත් නිරෝගී වුවත් එන්නත් නොකරපු දරුවෙක්ට විෂබීජය තව කෙනෙක් ගෙන් ගියොත් ඒ ළමයා ලෙඩ වෙන්න පුළුවන් නේද. ඒ වගේම ඒ ළමයාගේ ගෙදර අයට සහ අනිකුත් ආශ්‍රිතයන්ට ලෙඩේ බෝ වෙන්න පුළුවන් නේද. ළමයි කවද්ද කියන විදිහට සෞඛ්‍ය නීති රැක්කේ. එහෙම කරලා සෙල්ලම් කරන්නවත් ලේසි නෑ. අනේ මන්දා මේ ඇත්තෝ සෞඛ්‍ය ඇමතිකම් කරානම් අර පොඩි කාලේ දෙන අනිකුත් එන්නත් වර්ගත් ඔන නෑ කියන්න තිබුණා. අපේ ලංකාවේ දේශපාලකයන්ගේ මොන වැරදි තිබුණත් මෙච්චර කාලේකට ළමා සෞඛ්‍ය සහ එන්නත්කරණය අතින් ලෝකයේ ඉහල තැනක ඉන්නේ මේ වගේ අය සෞඛ්‍ය ඇමතිවරු නොවුණු නිසා වෙන්න ඇති.
මෙතුමා ප්‍රකට විද්‍යාඥයෙක් වෙන්න ඇත්තේ කොලරා, මැලේරියා වසංගත කාලේ.... දැන් ඉතින් දැනුම අවුට් ඩේටඩ්...
මම හිතන්නේ වයිරස්වේදි කෙසේවෙතත්, සූප වේදී වගේ පෙනෙන්නේ...
ඇමරිකාවේ ඉස්කෝලෙක අවුරුදු 10ක හොඳ නිරෝගි ගැහැණු ළමයෙක් කොරෝනාවෙන් මියගියා මේ ළඟදී...
මහාචාර්යතුමනි, දැන් ඔය එන්නත් ගහන්නේ නිරෝගි අයටද, නැතිනම් රෝගී අයටද? දරුවන් රෝගී වුණාට පස්සේ එන්නත් ගැහුවට කමක් නැතෙයි...?
සිහිය විකල් වෙලාද මන්දා...? පැණිය කාලේ සද්දයක් නැතුව ඉඳලා දැන් අවදි වෙලා. පහුගිය කාලේ දරුවන් කී දෙනෙක් මැරුණාද කියලා දන්නේවත් නැතුව ඇති...
ලෝකෙ පුරා පැතිරෙද්දී කොරෝනා... පැණි බී මුට්ටි ගං දිය පා කරෝනා.... එහෙමයි අපේ උගතුන් රට කෙලෝනා.... සුලුදිය දමනු රිසියෙන් කට පුරෝනා...
මෙයා තමයි කිව්වේ ගුවන්තොටුපලේ මැෂින් හයි කරලා තියෙන්නේ කොරෝනා කාටවත් එන්න බැ කියල.
නිරෝගී ළමයින්ට එන්නත ඕනේ නැ කියන්නේ කොහොමද? රෝගී වෙච්ච ළමයි කොහොමත් පාසල් එන්නේ නැහැ.
අනික බලන්න මේ කියලා තිබෙන දේ.... එන්නතෙන් කරන්නේ රෝගය පැතිරීම පාලනය කිරීම නොවෙයිලු. මොන තරම් අභූත කථාවක්ද? ඒ 100%ක් හෝ යම් තරමකට පැතිරීම පාලනය කිරීමත් මේ එන්නත දෙන්න විශාලම අරමුණක්. මේ මනුස්සයා වැරදි මත පතුරනවා. ලෙඩේ හැදුණාම මරණය වැළැක්වීම පමණක් නෙවෙයි. මේ මනුස්සයා හරි විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාවන් මගින් නඩු දාන්න ඕන බොරු පතුරනවාට. අනේ මන්දා, අර කරල් විකුණන දොස්තරගෙන් ගාණක් අරන්ද දන්නේ නැහැ මේ වගේ කතා කියන්නේ...
මට මහළු වයසේ... බැරිය වැඩ කිඩ පෙරසේ... දැන් ඉතින් කාටහරි කඩේ ගිහින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු නේද?
ලොව පුරා පාසල් ආරම්භ කිරීමෙන් පසු ළමුන් දහස් ගණනක් ආසාදිතයන් විය.. පාසල් අරඹා පළමු සති දෙකේ බ්‍රිතාන්‍යයේ පමණක් ළමුන් 59000ක් ආසාදිත විය. මේ සියල්ලන්ම රෝගීන්ද? මෙවැනි බොරු කතා රටේ දරුවන් බිල්ලට දීමට ඇති පාලක පන්තියේ සූදානම පෙන්නුම් කරයි. මෙතෙක් කල් නිහඬව සිටියා සේ සිටියා නම් දැන්වත් විද්‍යාඥයාට ඉඩ නොදෙන්නේ යැයි මහජනතාව සිතූ දේ එලෙසම පවතිනු ඇත. දැන් සියල්ලන්ම මහජනයාට හෙණ ගැහුවත් ලාභ අවශ්‍යතාව සඳහා වැඩ කරන බව විතාරණගේ මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙයි.!
මොහු කල් ඉකුත් වූ අදහස් වලින් සිටින අතර තරුණ පරම්පරාව අවුල් කරයි. ඔබේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන්න. එවිට ඔවුන් ලෝකයට දැනුම් දෙනු ඇත. මොන විකාරයක්ද
දැනටමත් ලමයින් 67 ක් මියගිහින් තියන රටේ එන්නත් කරන්න එපා නම් ලමයින්ට දෙයියන්ගෙම පිහිටයි...
කල් ඉකුත්වූ මහාචාරියෙක් ,කියලා කියන දේවල් වලින්ම පේනවා...
ඒ කියන්නේ මහාචාර්යතුමෝ කොරෝනා හැදුණොත් විතරද එන්නත දෙන්න ඕනෑ...?
මහාචාර්යතුමෝ, නිරෝගිකම මනින්නේ කොහොමද? බෝනික්කෝ වගේ ගෙටම වෙලා ඉන්න ළමයින් නිරෝගියි වගේ පෙනෙනවා. නමුත් ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය නැතිනම් ප්‍රතිශක්තිකරණය ඩිවලොප් වෙලා නැහැ. මොකද ලෙඩරෝග වලට භාජනය වෙලා නැතිනිසා. සරම්ප පැපොල වගේ ලෙඩවලට පොඩිකාලේ භාජනය වුණු ළමයින්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙනවා.
මුගේ ළමයි ඉස්කෝලේ යන්නේ නැති නිසා මු කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවා ,මුගේ මහාචාර්ය කම දීපන් ළමයෙකුට .හොඳටම කරයි