
(යොහාන් භාසුර)
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (2) පැවසුවාය.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළේය.
වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්තිකාමරවල දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බව කී අග්‍රාමාත්‍යවරිය විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් තිබෙන බවද සඳහන් කළාය.
කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු බවත් පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුටම විවිරව තිබිය යුතු බවත් ඇය කීවාය.
පුද්ගල හා සමාජ පරිවර්තනයක් කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත් බවත් ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට රජය ක්‍රියා කරන බවත් ඇය පැවසුවාය.
සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක්ම රටේ ඉදිරි ආයෝජනයක් ලෙස සලකන බව කී අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද වැඩිදුරටත් සඳහන් කළාය.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
ලංකාවේ වසරකට සිසුන් 450,000 පමණ සාමාන්‍ය පෙළ විභාගය කරනවා. අවසානයේ එයින් 10%ක් පමණ විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස, රටේ පාසල් පද්ධතියෙන් පිට වෙන අයට වසරකට ලංකාවේ රැකියා 450,000 ක් බිහි වෙන්නනේ නැහැ. එබැවින් කළයුතු නුවණට හුරු දේ නම්, යම් වෘත්තීය පුහුණුවක් ලබාගත හැකි අවස්ථාවක විදේශගත වීමයි...
දෙමව්පියන්ගේ ආර්ථික ප්‍රශ්න දරුවන්ට ඍජුව බලපානවා.
පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල සිසුන් නොමැතිවීමට හේතුව, ඔවුන් උපකාරක පන්තිවලට සහභාගි වීමයි. මීට දශක කිහිපයක සිට, විශේෂයෙන් ම රජයේ පාසල්වල, උසස් පෙළ සිසුන් පාසලට පැමිණෙන්නේ අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු අවම පැය ගණන සඳහා පමණි. තව ද ආර්ථික ප්‍රශ්න මෙන්ම පාසල්වල නිසි ඉගැන්වීමක් හෝ ගුරුවරුන් හෝ නොමැතිකම හේතුවෙන්, දෙමව්පියන් තම දරුවන්ව සෘජුව ම උපකාරක පන්තිවලට යොමු කර, පෞද්ගලික අපේකෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ ප්‍රවණතාවයක් ද තිබිය හැකිය. දැනට දශක දෙකකට පෙර පවා ලන්ඩන් උසස් පෙළ හැදෑරූ මෙරට ඇතැම් සිසුන් එම ක්‍රමය අනුගමනය කළහ...
දරුවන්ගේ උසස් පෙළ ටිව්ෂන් ගාස්තු අද දෙමව්පියන්ට මහබරක්. විද්‍යා විෂයන් එකකට මසකට 5000/- ක් පමණ වෙනවා. මේ ටිව්ෂන් වසංගතය රටින් අතුගා දැමිය යුතුයි.
බොහෝමයක් ජාතික පාසල් කියන ඒවායේත් අධ්‍යාපනය ඉතාමත් දුර්වලතාවක් දකින්නට තියෙනවා. සමහර ජාතික පාසල්වල උසස් පෙළ පංති කාලසටහනේ ඉංග්‍රීසි විෂය ඇතුළත් වී තිබුණත් මම දන්න එක් පාසලක කිසිදාක එම පන්තිවලට ගුරුවරු නොගියා කියලත් දන්නවා... යම් යම් ආයතනවල ලොකු ලොක්කන්ගේ කලත්‍රයින් එම වරදවල් උපරිමයෙන් කරනවා. මොකද පරීක්ෂණවලට එන්නේ තමන්ගේ කලත්‍රයින් නිසා... එනිසා දරුවන්ට පාසල් එපාවෙන්නේ ටියුෂන් යනවා නේද කියලා පුද්ගලික පන්ති ප්‍රවර්ධනයට මගපෙන්වීම් කරන නිසා තමයි. එනිසා සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අනුව අලුතින්ම ජාතික පාසල් වර්ගීකරණය කළොත් පාසල් අධ්‍යාපනය සාර්ථක වේවි. ලංකාවේ සමස්ථ පාසල් තරගකාරීත්වයට යොමුකරන්න දක්ෂතා පෙන්වන දරුවන්ගේ ගුරුවරු පිටපිට අවුරුදු පහක්වත් එසේ කළොත් ඔවුන්ට උසස්වීමට පහසුකම් සලසන්න. ඔවුන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමට ක්‍රමයක් සලසන්න...
ඕනෑම පොඩි එකෙක්ගෙන් හෝ මාපියන්ගෙන් අසා බලන්න... පාසල කියන්නේ විනෝදෙන් ඉගෙනගන්න තැනකට වඩා බාලඅපරාධකරුවන් චරිත ශෝධනය සඳහා යොමු කරන ස්ථානයක් වගේ හැඟෙනවා... යයි කියාවි. අප වුණත් අපගේ කාලයේ සිටි මරුමුස් ගුරුවරුන් දුටුවාම අදටත් අප බයවෙනවා. මොකද ඒ තරම් කටුකයි ඒ කාලය... ඉගෙනගන්න විෂය කාරණා සංශෝධනය නොවෙයි, පාසල ප්‍රියමනාප ස්ථානයක් කරන්නේ කෙසේද යන්න සොයා බලනවා නම් අසීරු විෂය කරුණක් වුවත් ආසාවෙන් ඉගෙනගන්න සිසුන් කැමැති වේවි..!
ඔය ප්‍රශ්නය කාලෙන් කාලෙට පත්වෙන හැම රජයක්ම කරලියට ගෙනාවා . නමුත් කවුරුවත් උත්තරක් දුන්නේ නැහැ, අපේ රටේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි . තියෙන්නේ විභාග ක්‍රමයක් . ඉතින් පුළුවන් එකා කොහොම හරි ගොඩයන්න විකල්ප ක්‍රම හොයනවා . ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕන නම් කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. උසස්පෙළ විභාගයේ ආකෘතිය වෙනස්කිරීම , පවතින යල්පැනගිය විෂය සංයෝජනයන් වෙනස්කිරීම , ඇගයීම් ක්‍රමය නව ලොවට ගැලපෙන සේ වෙනස්කිරීම හා පාසල් ගුරුවරුන් නිසි නියාමනයකට ලක්කිරීම. මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් වේවි . ඒ වගේම වී විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමයද වෙනස් විය යුතුයි. නමුත් හුණා කියන්නසේ කිව හැකියි . තව අවුරුදු 100 ක් ගියත් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස්වෙන්නේ නැහැ මොකද වසර 5න් 5 ට වමටයි දකුනටයි හරවන නිසා .
මෙහෙම වෙන්න නියම හේතුව පාසල්වල ඉහළ පන්තිවල හරියට උගන්වන්නේ නැති එකයි. 9, 10 ශ්‍රේණිවල ළමයින්ගෙ සටහන් පොත්වල තියෙන්නේ හිස් පිටු පමණයි.
බලන්නම දෙයක් නෑ. අධ්‍යාපනයෙන් බිහිකළ යුතුයි.