IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දරුවන් පස් දෙනා කැලේ දමා මව හොර මිනිහා එක්ක යයි

(අතුල පී. බණ්ඩාරනායක) 

වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

කැලෑ බද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයගොස් දරුවන් පස් දෙනා පොලිසිය බාරයට ගෙන ඇත. ඒ වන විට ඔවුන් දින දෙකක් තිස්සේ නිරාහාරව සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එම දරුවන් පස් දෙනා අවුරුදු 12 - 02 අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.

දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බවත් පදමට මත් වී නිවසේ නිදා සිටියදී දරුවන් ද අතරමං කර 35 හැවිරිදි අයකු හා පැන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.පොලිස් බාරයට ගත් දරුවන් පරිවාස බාරයට පත් කරන තෙක් දරුවන්ගේ ලොකු අම්මා බාරයට පත් කර ඇත.



අදහස් (13)

දරුවන් පස් දෙනා කැලේ දමා මව හොර මිනිහා එක්ක යයි

අප්පුහාමි Sunday, 05 December 2021 02:22 PM

ඇත්තටම හැකියාව ඇත්නම් පරිවාස භාරයේ තැබීමට වඩා ලොකු අම්මා භාරයේ තැබීම දරුවන්ගේ අනාගත යහපතට හේතු වේවි... රජයේ හෝ ස්වේච්ඡා නිවාස වෙනුවෙන් රජයෙන් මුදලක් ලබාදෙන අතර ඒවායේ පාලිකාවන් සඳහාද, වෙනත් නඩත්තු වෙනුවෙන්ද අති විශාල මුදල් ළමුන්ගේ භාරකාරත්වය දරන අයට ලබාදීම වඩාත් සුදුසු බව මගේ අදහසයි...

:       1       112

Janith Monday, 06 December 2021 11:26 AM

රජය එක ලමයෙකුට මසකට දෙන්නේ රුපියල් හයසියක් 600 විතරයි. අපි දානයක් දෙන ලමා නිවාසයක පාලීකාවක් තමා ඒක කිව්වේ. දාන නැත්නම් ලමයි බඩගින්නේ. රුපියල් හයසීයට දවස් කීයක් කන්න දෙන්න පුලුවන්ද?

:       0       0

thilak Sunday, 05 December 2021 05:09 PM

මෙයට මූලික හේතුව බීමත්කම... රටට මධ්‍යසාර ගේන එවුන්ට හෙන ගැසිය යුතුයි...

:       3       81

SanithSunday, 05 December 2021 05:55 PM

විකුණන උන්ටයි, ඒවා බොන උන්ටයි හෙන ගහන්න ඕනෑ හත ගානේ...

:       5       30

SLSunday, 05 December 2021 06:08 PM

හා හා ..බනින්න එපා. ලංකාවේ දුවන්නේම මත් වතුරෙන් ලැබෙන බදුවලින්... මැති ඇමැති මන්ත්‍රීලා හැමෝටම බාර් තියෙනවා ඒ රට දියුණු කරන්න. ඒවා ළඟ හවසට පැයක් දෙකක් හිටගෙන හිටියොත් බලන්න පුළුවන් කවුද වැඩිපුරම කාලේ බෝතල් කටේ හලාගෙන වීදුරු බෝතලේ පාරේ විසිකරලා යන්නේ කියලා. එහෙම තමයි රට දියුණු කරලා තියෙන්නේ .

:       4       39

ගජමිතුරු Monday, 06 December 2021 06:36 AM

එස් එල් හරි.ඇත්තටම මත්පැන් හා නීති විරෝධී ක්‍රියා වෙනුවෙන් උසාවියෙන් නියමකල දඩ මුදල් යොදා ගන්නෙ පළාත් පාලන ආයතන නඩත්තු කිරීමට තමා .එමෙන්ම ස්කාගාර තියෙන්නෙත් අරක්කු කඩ හිමියනුත් වැඩි පිරිසක් දේශපාලුවො තමයි

:       0       0

විමර්ශන Sunday, 05 December 2021 10:45 PM

මේ සමාජ පරිහානියේ භයානක ලකුණුයි. සත්‍යයට, සාධාරණයට සංවේදී නොමැති සමාජයක පතුලේ ඉන්න මෙවැනි සාමාජිකයන් තව තවත් අපරාධ නිර්මාණය කරති. මෙවැනි දරුවන් තව කොතෙක් ඇද්ද? පරිවාසයේ හව්හරණ ලබා ගත් නිසා මෙයින් ගියා වගේ. නැතිනම් සමාජ විරෝධීන් වෙන්න තිබ්බා.

:       0       0

ගමේ එකාලා Sunday, 05 December 2021 11:37 PM

ගිහින් තව පැටව් ටිකක් හදාගනී

:       0       0

Don Monday, 06 December 2021 08:00 AM

මිනිහා බොන හින්දම නෙවේ අශිලාචාරකමත් මෙසේ පැන යාමට හේතුවක්. මිනිහා බේබද්දෙක් වුනේ ඒ හේතුව හින්දා වෙන්නත් පුළුවන්.

:       0       0

gagana Monday, 06 December 2021 10:04 AM

අනේ මෙහෙමත් ගැහැණු

:       0       0

sharm warn Tuesday, 07 December 2021 09:03 AM

දරුවන් 5 දෙනා අතරමන් කර පලායාම අනුමත කළ නොහැකි වුණත් දරුවන්ගේ පියාගේ වගකීම් රහිත හැසිරීම ගැන තදින් පියවරක් ගන්න වෙනවා. එහෙම නැති වුණොත් කවදාවත් මේ දරුවන්ට යහපතක් වෙන්නේ නැහැ. එතනෝල් කාරයින්ගේ කුඩු මුදලාලිලාගේ ආණ්ඩුවක්නේ...

:       0       0

AN Ishan Tuesday, 07 December 2021 05:54 PM

මිනිහා වැඩක් නෑ... අඩුම ගානේ ඒ ළමයි ගැන හිතන්න බැරි වුණානේ. අර අන්තිම ළමය‍ාට අවුරුදු 02 යි. අවුරුදු 02 ක දරුවෙක් අම්මා නැතුව කොච්චර සාංකාවෙන් ඇත්ද? මේ අයට හැමදේටම වඩා තමන්ගේ ගාය ලොකු වුණා... මෙහෙම කරනවට හොඳක් නම් වෙන්න එපා...

:       1       1

kamalWednesday, 08 December 2021 02:58 PM

ගෑනිව හොඳින් බලාගන්න බැරිවුණු මිනිහෙක්. නමුත් 100% වැරැද්ද තියෙන්නේ ගෑනිගේ අතේ. නියම කැලෑ නීතිය

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site