IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


දයාසිරි සී.අයි.ඩී යයි

(ඩයනා උදයංගනී)

තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.

දෙහිවල ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ අපි ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් කී මන්ත්‍රීවරයා කිසිවකු විසින් තම අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි ද පැවසීය.

තම අත්සන හොරට ගැසූ අය මෙන්ම අනුබල දුන් අය සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තමන් මෙම පැමිණිල්ල කළ බවද ජයසේකර මහතා සඳහන් කළේය.

මෙය කූඨ ලේඛන සැකසීම යටතේ කර ඇති බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසින් මෙම නාමයෝජනා පත්‍රය භාර දී ඇත්තේ සමන් අලගේෂ්වර නැමති අයකු බවත් ඔහුට එය ලබාදුන්නේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 



අදහස් (0)

දයාසිරි සී.අයි.ඩී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 116 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 961 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2569 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site