IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දියවන්නා කුස්සිය ලෙඩවෙලා



(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි  වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැඩ කටයුතු කාර්යක්ෂමව  කිරීම සඳහා නවීන උපකරණ රැසක් කාලයක සිට පාවිච්චියට ගැනිණ. මින් උපකරණ බොහොමයක් මේ වනවිට කැඩී බිඳී ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින හෙයින් මේ අවස්ථාවේදී එම උපකරණ මිලදී ගැනීම හෝ අලුත් වැඩියා කිරීම කළ නොහැකිව තිබෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමුත්තන්ට මෙන්ම සේවකයන්ට දිනපතා ආහාර  පිළියෙල කරනු ලබන්නේ මෙම පාර්ලිමේන්තු මුළුතැන්ගෙයිනි.



අදහස් (12)

දියවන්නා කුස්සිය ලෙඩවෙලා

ඉන්දික Sunday, 09 March 2025 03:29 PM

පාර්ලිමේන්තුව මූල්‍ය අර්බුදයක. රට ගැන කවර කතාද? ඉතින් රට ගොඩදායිද මෙයාලා... ඇවිල්ලා මාස 4ක්‌ වෙලත් පාර්ලිමේන්තු කුස්සියේ අඩුපාඩු හදාගන්න බැහැ. රටට දෙයියන්ගේ පිහිටයි...

:       49       22

KarunajeewaSunday, 09 March 2025 04:31 PM

අවබෝධය ගැන පට්ට ආඩම්බරයි.. හිටපු අය කෙරුවේ, ඔවුන්ගේ බඩ තර කරගන්න කුස්සිය හොඳට තියා ගත්තු එක. අද අය රටට වියදම් කරනවා. ඔවුන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව. ඒක තේරුම් ගන්න.

:       9       26

ගුණරත්නSunday, 09 March 2025 06:35 PM

කුස්සියක කෑමක් හදපු කෙනෙක් දන්නවා ඒවා කොයිතරම් භාවිතා වෙනවාද කියලා... ඉතින් කාලයත් එක්ක ඒවා කැඩෙන බිඳෙන එක අමුත්තක් නෙවෙයි. ඒකටත් පහුගිය ආණ්ඩුවට බනින්නේ ටොපික් නැතිව වේලි වේලි ඉන්න මාලිමා පිස්සෙක් විතරයි.

:       11       7

Nandalal de Silva - France Sunday, 09 March 2025 03:46 PM

ඔය කුස්සිය අළුත්වැඩියා කරලා, එකෙන් තුට්ටු දෙකකට කන පිංගුත්තරයන්ගෙ බඩවල් පීප්ප වගේ විශාල කරන්න, මහජන මුදල් වියදම් කරනවාට වඩා, කරන්න වෙන ප්‍රයෝජනවත් වැඩ රජයට තියෙනවා.

:       1       5

රුවන් Sunday, 09 March 2025 05:10 PM

ඉන්දිකට අනුව ලංකාව යනු ලෝකයේ සංවර්ධන අදිත් ඉදිරියෙන්ම ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ දියුණුවට තිබ්බලු ශ්‍රී ලංකාව 2024 වෙනකොට...

:       5       4

ravin Sunday, 09 March 2025 06:26 PM

දැන් දැන් එළිවෙන කරුණු කාරණ අනුව නම් අවුරුදු ගාණක් තිස්සේ කෙරිලා තියෙන්නේ බාගෙන කනවා වෙනුවට ඉහගෙන කෑමයි... ඔතන ඉහින්න ගියොත් හැමෝම දැනගන්න නිසා වේලාව එනකල් කොකා තපස් රකින්න ඇති

:       2       2

කපුරු හාමි Sunday, 09 March 2025 06:48 PM

පහුගිය කාලේ හිටපු අය කාලා බීලා විතරක් හිටියේ නැහැ. ඔවුන්ගේ ගෙවල්වල ඉන්න අයටත් පොදි ගහගෙන අරන් ගියේ? පාර්ලිමේන්තුවට එනකොට හිටපු විදිය නෙවෙයි, පහුවෙන කොට බඩජාරීකමට කාපු හැටි පේනවා... ඇඟපත ඇරලා ගිය හැටි දැක්කාම. කුස්සියේ බඩු ගැන කවර කතාද?

:       3       11

මර්වින්Monday, 10 March 2025 03:55 PM

ඒ කතාව වැරදියි. කිසිම පක්ෂයක හිටපු මංත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉවූ කෑමගෙදර ගෙන ගියේ නැත. මා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂක කෙනෙක් ලෙස 2007 - 2019 දක්වා සේවය කලෙමි. කුස්සියේ ඇතැම් සේවකයින් ඉතිරි කෑම මෙන්ම වියලි ආහාර මස් මාළු හොරෙන් ගෙනගිය අවස්තා තිබුනා . ඒත් මංත්‍රීවරු කිසිම පක්ෂයක එසේ කෑම ගෙදර ගෙන නොගිය බව ඉදුරාම කියමි

:       0       1

නිහාල් Sunday, 09 March 2025 06:49 PM

ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරනු...!

:       7       4

Bunny Preena Monday, 10 March 2025 12:27 PM

ලෙඩ කුස්සියකින් කෑම නොකන තරමට හොඳයි.. කාලා ලෙඩක් හැදුනොත් ලෙඩේ මොකක්ද කියලා දොස්තරවරුන්ට හොයාගන්න බැරිවෙයි

:       0       1

මර්වින් Monday, 10 March 2025 03:45 PM

මම මූල්‍ය අධ්‍යක්ෂ කාලෙ හැම වර්ෂයකම මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරන නිසිපරිදි සැපයීමට කටයුතු කලෙමි. ඒ බව මුළුතැන්ගෙයි චෙෆ් ලා මෙන්ම, අධ්‍යක්ෂ පවා හොදින් දන්නවා. සෑම භෝජනාගාරකම තිබූ අබලන් පුටු මේස වෙනුවට අළුත් මේස පුටුද ලබාදීමට කටයුතු කලෙමි. අවශ්‍ය මුදල් ලැබෙන සීමිත මුදලින් කලමනාකරනය කර ගතිමි.

:       2       0

Nandalal de Silva - France Monday, 10 March 2025 05:09 PM

පාවිච්චියෙන් අයින් කරපු මේස, පුටු සහ අනිකුත් උපකරණ වලට මොකක්ද වුනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site