IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් ගැටේ

(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව කොස්ගම පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) උදෑසන ගමන් කරමින් තිබූ දුම්රියක මෙලෙස ත්‍රී රෝද රථය ගැටී ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර් 3 ක් පමණ ඈතට විසිවී තිබු අතර එයට දැඩි හානි සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සහ පසුපස අසුනේ තවත් කාන්තාවක ගමන් කරමින් සිට තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම දෙදෙනා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බවත් , ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරකු බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව කොස්ගම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (2)

දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් ගැටේ

සරත් Saturday, 12 April 2025 01:44 PM

ෂුවර් එකටම ගේට්ටුකාරයා මල්ලිත් එක්ක කෝන්තරයක් ඇති. නැත්නම් ගේට්ටුව වහනවානේ.

:       0       0

Jayantha Saturday, 12 April 2025 05:19 PM

ඔය මාර්ගය බොහෝම භයානකයි... දවසක් මමත්, පුතාත් කොළඹ ගොස් හවස්වෙලා ආපසු එමින් සිටියදී මහවෙදගේ රෝහලට ආසන්නවම වංගුවක් සමග ඇති දුම්රිය හරස් මගින් අපි වාහනය දැම්මේ ගේට්ටුව වසා නොතිබීම නිසාත් ගේට්ටුවේ රතුපාට විදුලි ලාම්පුව නොදල්වා තිබීම නිසා තමයි අපි පාර මාරුවෙද්දීම කොළඹ දෙසට ධාවනය කරන කෝච්චිය මීටර් දහයක් වගේ දුරකින් දුටුවාම ඇඟවල් සීතල වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site