
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
එංගලන්ත ජාතික යුවළක් ඇතුළු සිව් දෙනකු පානදුර තල්පිටිය පාලමට සමාන්තරව තිබෙන දුම්රිය මාර්ගයේ සිටියදී දුම්රියක් පැමිණෙනු දැක කලබල වී ඒ මේ අත පැනිම හේතුවෙන් එක් අයකු දුම්රියේ ගැටී මිය ගොස් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පින්වත්ත පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඇලන් නැමති 82 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකි.
සිදුවූූ අනතුරෙන්මියගිය විදේශීය ජාතිකයාගේ 80 හැවිරිදි බිරිඳ සහ 47 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නා හා 10 හැවිරිදි ඔහුගේ පුතා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි එංගලන්ත ජාතික යුවළ වසර 25 ක පමණ කාලයක සිට සංචාරක මඟ පෙන්වන්නා සමග හිතවත් කමක් ගොඩ නඟා ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා මොරන්තුඩුව ප්‍රදේශයේ සංචාරක මඟ පෙන්වන්නාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීමට නියමිතව සිට ඇතැයි පොලිසිය කියයි.
විදේශීය යුවල වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිට ඇති අතර අද පස්වරුවේ මුහුදු වෙරළේ සංචාරය කිරීමෙන් අනතුරුව වාද්දුව තල්පිටිය පාලමට සමාන්තරව තිබෙන දුම්රිය මාර්ගයට පැමිණ බොල්ගොඩ ගඟේ අතු ඔයේ සුන්දරත්වයේ ඡායාරූප ගනිමින් සිට ඇතැයි පොලිසිය කියයි.
එම යුවළ සමග සංචාරක මඟ පෙන්වන්නා සහ ඔහුගේ පුතා ද ඔවුන් සමග රැඳී සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී කළුතර දෙස සිට දුම්රියක් කොළඹ දෙසට පැමිණෙන දුටු ඔවුන් එකවරම කලබල ඇති අතරේ සංචාරක මග පෙන්වන්නා විසින් විදේශීය ජාතික කාන්තාව සහ ඔහුගේ පුතාව එක් පැත්තකට යොමු කිරීමට පියවර ගත්තද ඔවුන්ද අනතුරට ලක්ව බොල්ගොඩ ගඟේ අතු ඔයට වැටී ඇතිි අතර ඇති අතර විදේශීය ජාතිකයාකගේ හිස දුම්රියේ ගැටී අනතුරුව පාලම යට තිබෙන කළු ගලක් මතට වැටී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම මගපෙන්වන්නගේ නොසැලකිල්ල මත සිදුවූ මරණයක්. ඔහු වගකිව යුතුයි මේ මරණයට.
මග පෙන්වන්නාගේ වරද තමයි. ඔහුට දඩුවම් දිය යුතුයි.
සංචාරකයින්ගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කළ මග පෙන්වන්නා වහාම අත්අඩංගුවට ගත යුතුයි. මග පෙන්වන්නකු හැටියට ඔහු කර තිබෙන්නේ නොකළ යුතු මහත් බරපතල වරදක්...
ඔය වගේ පාළමක් උඩ ඉඳගෙන ෆොටෝ ගන්න යන එක මහා අවදානම්. ලෑලි එහෙමත් දිරලා සෑහෙන්න. ඒවා අලුත් කරන්නේ නැහැ. අඩුම ගානේ කෝච්චියක් එතැනින් යන්න පුළුවන් වෙලාව සඳහන් කරලා පුවරුවක්වත් හයි කරනවා නම් හොඳයි.