IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දුම්රිය දෙකක මගීහු පැය 09ක් දුම්රිය අඩස්සියේ

(යොහාන් භාසුර)

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා ප ස්වරුවේ සිදුවූ පීලි පැනීමත් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න සංඛ්‍යවකට පැය 9 කට ආසන්න කාලයක් ගම්පොළ සහ නාවලපිටිය යන දුම්රිය ස්ථානවල ගතකර රැය පහන්කිරීමට සිදුවූයේ යැයි ජනතාව චෝදනා කරති.

මෙවැනි සිද්ධියකදී අදාල දුම්රිය ස්ථාන වෙත බස් රථ ගෙන්වා දුම්රිය දෙකේ මගින් දුම්රිය දෙක මාරු කර ගන්වා දුම්රිය දෙක ධාවනය ආරම්භ කළ දුම්රිය ස්ථාන වෙත හරවා යැවීම සාමාන්‍ය තත්වය බවත් කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී දුම්රිය බලධාරීන් එම සාමාන්‍ය පියවර අනුගමන නොකර මාර්ගය යථාතත්වයට පත්කරන තෙක් මගීන් අදාල දුම්රිය ස්ථානවල තැබීමට කටයුතු කළ බවත් චෝදනා එල්ල වේ.  

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 8 දුම්රිය එදින පස්වරු 6.00 ට පමණ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතර පල්ලේගම දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී පීළි පැනීමකට ලක්ව ඇතැයි කියන දුම්රිය මගීහූ ඒ සමඟම මාර්ගය අවහිරවීම නිසා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.30 ට බදුල්ල බලාපිටත්වූ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේ ද, බදුල්ලෙන් පස්වරු 6.30 ට කොළඹ කොටුව බලා පිටත්වූ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද, නවතා තැබූ බව ද සඳහන් කළහ.

ඒ අනුව බදුල්ල දුම්රිය රාත්‍රී 12.30 ට පමණ ද, කොළඹ දුම්රිය අළුයම 1.30 ට පමණ ද නැවතූ බව කියන ජනතාව දුම්රිය බලධාරීන් බස් පහසුකම් සළසා අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මාර්ගය යථා තත්වයට පත්කළ පසුදින උදෑසන දක්වා දුම්රිය ස්ථානවල රැදී සිටීමට සිදුවූ බව ද කීහ.

මෙම තත්වය හේතුවෙන් බදුල්ල දුම්රිය පසුදින පස්වරු 5.30 ට පමණ ද, කොළඹ දුම්රිය පසුදින පස්වරු 3.00 ට පමණ ද, ගමනාන්තයන්වලට ළගාවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බව කියන මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බදුල්ල දුම්රියේ සිටි ඇතැම් මගීන් ගම්පොළ දුම්රිය ස්ථානයේදී නොසන්සුන්කාරීව හැසිරුණ බව ද සඳහන් කළහ.

මෙම සිද්ධිය පි්ළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ජනතාව ප්‍රවාහන කිරීමට බස් ලබාගැනීමට ලංගම ඩිපෝවලට දුරකථනයෙන් කතා කළ ද බස් සැපයීමට පැය තුන හතරක් ගතවනු ඇතැයි පැවසූ බවත් ඒ හේතුවෙන් මාර්ගය යථාතත්වයට පත්කරන තෙක් ජනතාව දුම්රාය ස්ථානවල තබාගැනීමට තීරණය කළ බවත්ය.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කළ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට පෙර පීලි පැනීමක් හේතුවෙන් එම දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේදී ධාවනය ප්‍රමාද වන්නේ යැයි මගීන්ට දැනුම්දුන් බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (0)

දුම්රිය දෙකක මගීහු පැය 09ක් දුම්රිය අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site