
(මහින්ද නිශ්ශංක)
තැපැල් සේවක වර්ජනය හේතුවෙන් අද රාත්‍රී ධාවනය කෙරෙන කොළඹ කොටුව - බදුල්ල , බදුල්ල - කොටුව , කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රියන්හි තැපැල් මැදිරි ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුවට මගින් කළ දැනුම්දීමක් අනුව තැපැල් දුම්රියවලින් තැපැල් මැදිරි ඉවත් කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තැපැල් මැදිරි ඇත්තේ කොළඹ - බදුල්ල , බදුල්ල - කොළඹ හා කොළඹ - ගාල්ල යන දුම්රියවල පමණක් බවත් අනිකුත් තැපැල් මළු ප්‍රවාහනය කෙරෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කඩිනමින් යුද හමුදාවේ 50 දෙනෙක් ඉන්දියාවට යවලා දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරවන්න... සූදානම් පිට තබන්න. වර්ජනය කරන අය එළියට ඇදලා දාන්න...