
(දයාරත්න ඇඹෝගම)
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මැදගම, පරසන්ගස්වැව යන ලිපිනයේ පදිංචිව සිටි චාමික ප්‍රසාද් ගුණසිංහ (22) නැමති අයෙකි.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු අංක 4078 දරණ දුම්රියේ ගැටිමෙන් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
ඔහුගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (12) දින සිදුකිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd