
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267න් 90ක් අවුරුදු 40ට වඩා පැරණි එ්වා බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය
එසේම අවුරුදු 20 ත් 30ත් අතර පැරණි දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 69 ක්ද අවුරුදු 10ත් 20ත් අතර පැරැණි දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 62ක්ද අවුරුදු 10ට අඩු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 46ක්ද පවතින බව එහිදී හෙළි වී යැයි කෝපා කමිටුව පවසයි.
මේ අතර 2020 සිට 2024 දක්වා කාලයේදී දුම්රියේ ගැටීමෙන් වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ තොරතුරැ අනාවරණය වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (09) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.
මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවට හඳුනාගෙන ඇති බවයි. මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබාදී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දුම්රිය කට්ටල පරණ වුණාට, අලුත් ඒවාට වඩා විශ්වාසදායකව වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, නඩත්තුව ලේසියි. අර 2000 විතර ප්‍රංශෙන් ගත්තු ඒවාට වුණු දේ දන්නවනේ...
ඇයි මොකෝ, ප්‍රංශ බඩු නරකද?
අපගේ වර්තමාන ආණ්ඩුව සහ පැරැණි ආණ්ඩු සියල්ල කලේ, රටේ පොදු ප්‍රවාහන සේවේ බල්ලට දමලා පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන පාඩු පියවීම මිසක් වෙන දෙයක් නොවේ....!