IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දුම්රිය අවලංගු කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්

(යොහාන් භාසුර)

දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බවත් දුම්රිය අවලංගු කිරීම පැහැදිළිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (26) පැවසීය.

කොළඹ වරාය අමාත්‍යංශයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එසේ පැවසීය.  

මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම පිටුපස පැහැදිළිවම දේශපාලන ඇති බවත් මෙම දුම්රිය අවලංගු කිරීම ආරම්භ කළ රියදුරන් කවුරුන්ද යන්න නම් වශයෙන් දන්නා බවත් ඒ මහතා කීය.

දුම්රිය අවලංගුවීමට හේතු වූ රියදුරු මහත්වරුන්ගෙන් අනිවාර්යෙන්ම නිදහසට කරුණු විමසන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙඩ නිවාඩු දැමීමට හේතුව විමසන බව ද සඳහන් කළේය.

රියදුරන් මෙතරම් සංක්‍යාවක් එකවර අසනීප වීමට හැකියාවක් නොමැති බවත් එම සිද්ධිය සම්බන්ධ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (14)

දුම්රිය අවලංගු කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්

මහසෙන් Monday, 26 May 2025 10:05 PM

මේ මොන විහිළු කතාද? මේ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක් බව කියන එකම විහිළුවක්. ලංකාවේ වැඩිම පිරිසක් පහුගිය කාලේ වර්ජන වලට මෙහෙයවපු පක්ෂයක් කියනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක්ලු. ඉතින් එහෙනම්... මුලින් දුම්රිය සේවය හදන්න පෙර ඒ කුමන්ත්‍රණය ගැන හොයනවාලා. නැත්නම් ඊට වඩා දේවල් වුණාම කියන්න ඒවා නැතිවෙයි...

:       0       0

Nandalal DE SILVA - FRANCE Tuesday, 27 May 2025 02:27 AM

AKD, මාලිමා රජයත්, වෘත්තීය සමිති අතරත් පැවති මධුසමය අවසානයේ පෙර නිමිතිද මෙවැනි ලෙඩ නිවාඩු ප්‍රශ්න? දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්ට අමතරව රොහල් කාර්ය මණ්ඩල කරන මෙවැනි හදිසි වැඩ වර්ජන වලින් රජයට පාඩම් ඉගැන්වීමට නොහැකි බවත්, ඒවායින් පීඩා විඳින්නේ මහජනතාව බවත් ඔවුන්ට නොතේරේනම්, රජය ඔවුන්ට තේරෙන භාෂාවකින් කියා දිය යුතුයි.

:       0       0

Roni Tuesday, 27 May 2025 02:39 AM

ඇත්තද? එතකොට අවුරුදු 50ක් ඔයාලා කළේ ඇයි?

:       0       0

සාලිය Tuesday, 27 May 2025 07:35 AM

රටට වුණු පාඩුව ඔවුන්ගෙන් අයකර ගන්න. මහමොලකරු සොයා රටට දැනුවත් කරන්න...!

:       1       0

Lalla Tuesday, 27 May 2025 07:45 AM

වගකිව යුතු කට්ටියගේ ක්‍රියාමාර්ග සංවිධානය කරන අයට රජයට සහ ජනතාවට එරෙහිව කටයුතු කර කල පූර්ණ අලාභය අයකිරීමට නඩු පැවරීමට බැරිද?

:       1       0

සාලිය Tuesday, 27 May 2025 08:30 AM

255 ගල්කිස්ස - කොට්ටාව බස් සේවය නම් කුජීතයි, බස් මදි, පිළියන්දල නතර කරන්නේ නෑ හරියට...

:       1       0

ගුණරත්න Tuesday, 27 May 2025 08:41 AM

උන්ගේ බේත උන්ටම කැවුනාම තමයි වේදනාව දැනෙන්නේ, පහුගිය කාලේ උඩ පැනගෙන වර්ජන කරලා ආර්ථිකය වනසපු උන් දැන් කෙඳිරි ගානවා, බු හා හහ

:       10       10

සිංහල නිංජා Tuesday, 27 May 2025 09:17 AM

කටින්ද කියන්නේ? මිට කලින් කිවුවේ වෘර්තිය අයිතිවාසකමක් කියලනේ. අනේ ඔය සහෝදර වරුන්ගේ ඉල්ලිම් ටික දිලා දාල . මොන රෙද්දෙන් හරි කෝච්චි දුව පල්ලා.

:       7       13

Nadee Ama Tuesday, 27 May 2025 09:47 AM

ඇමති තුමෝ අනිවාරෙන්ම මේවට නිසි පියවරක් ගත යුතුයි. හිත මතම සේවය පැහැර හරිනවානම් එයාලගේ සේවය අත්හිටවන්න ඕනි. මිනිසුන් බිල්ලට තියලා නාඩගන් නටන්න දෙන්න බැහැ. කාලකන්ණි නැති රාජ්‍ය සේවයක්, තමන්ගේ රැකියාවේ වගකීම දන්නා පිරිසක් හදාගන්නකල් රටක් ගොඩයනවා කියන එක බොරු...

:       4       16

Kamal Koyrala Tuesday, 27 May 2025 11:03 AM

රජයේ සේවකයින්ගේ අසනීප නිවාඩු සඳහා, රජයේ රෝහල්වලින් පමණක් ලබා ගන්නා අසනීප නිවාඩු සහතිකයක් අනිවාර්ය කල යුතු වේ

:       5       6

අරවින්ද මොණරවිල Tuesday, 27 May 2025 11:39 AM

වෛද්‍ය විදුලි ඉංජිනේරු හා දුම්රිය රියදුරු වෘත්තීය සමිති මාෆියාව වහාම පරාජය කළ යුතුයි. සතියක් නොවේ මාසයක් හරි කෝච්චි දුවන එක නවත්වලා මේවාට බෙහෙත් දෙමු...

:       1       0

Gamini Tuesday, 27 May 2025 12:49 PM

කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩ්වේ ගිනිසේ.

:       0       1

ගමේ එකාලා Tuesday, 27 May 2025 01:00 PM

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන නිරන්තරයෙන්ම අහන්ඩ, දකින්ඩ ලැබෙනවා. මේ දේවල් නිසා ඉතාමත් අපහසුතාවයට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාවයි.. හමුදා නිලධාරීන්වත් පත්කරලා විසඳුමක් දීමයි කරන්න තියෙන්නේ..?

:       0       0

Asanga Wednesday, 28 May 2025 10:32 AM

දැන් තේරෙනවා නේද ඔය වර්ජන වල රගේ . කලින් ආන්ඩු තියන කාලේ ඔය වගෙ කීවෙ නැත. 365 දවසේම මුන් මිනිස්සු කුලප්පු කර කර පාරට බැස්සුවා. ඕවා තමා දිට්ටදම්ම් වේදනීය කර්මය කියන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site