(දිලංගා ගෝමස්)
රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකකරුවකු පිහියකින් පහර දී කපා තුවාල සිදු කර පැන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
සැකකරු සමග පැමිණි අනෙක් පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් අල්ලා ගල්කිස්ස පොලිසිය වෙත බාර දීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු රත්මලාන ජයසුමනාරාම පාරේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු තවත් පුද්ගලයකු සමඟ අළුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි කොටස් ඇති ප්‍රදේශයට ඇතුළු වී සිටිනු දැක ඇති දුම්රිය ආරක්ෂක නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේ දී එක් සැකකරුවකු ආරක්ෂක නිලධාරියකුගේ දෑත් පිහියකින් කපා පැනගොස් ඇති බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය අංගනයට පැන්න හොරු ආරක්ෂකයාට පිහියෙන් අනී
ජනයා Monday, 24 January 2022 06:48 PM
විදුලිය කැපුවා වගේ නෙමේ, පොලිසිය ආරක්ෂාවට නොදා තිබ්බොත් රටපුරා හොර සතුරු වුවදුරු වැඩිවෙයි. මොකද CCTV වැඩ කරන්නත් විදුලිය ඕනේ....
ගෘහණියක්Monday, 24 January 2022 07:32 PM
ඒකනම් සම්පූර්ණ ඇත්ත. ගිය 19 වැනිදා නොදන්වා විදුලිය කපලා විනාඩි 10ක් වත් යන්න කලින් හොරෙක් පැන්නා මගේ ඉඩමට. මම දොරළඟ පුටුවක් තියාගෙන ගෙවත්ත දිහා බලාගෙන විවේකයෙන් හිටියේ. මෙයා මම ඉන්න බව නොදැන තාප්පෙන් පැනලා ටිකටික ගේ පැත්තට එනකොට මම ටෝර්ච් එක ගැහුව ගමන් පැනලා දිව්වා. CCTV තිබ්බට ඉතින් විදුලිය කෝ...? මේක නම් "සාපයක්" තමයි...