
(යොහාන් භාසුර)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුමින්ද සිල්වා මහතා පෙරේදා (10) රාත්‍රිය අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට නැවතත් ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය රෝහලේ මාස ගණනාවක් රැඳී සිටි දුමින්ද සිල්වා මහතා වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ අනුව ඊයේ පෙරවරුවේ එම බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමති සහ ඇතැම් ප්‍රභූ යැයි කියා ගන්නා පුද්ගලයින් බන්ධනාගාර ගත වූ පසු ඉතා ඉක්මනින් රෝහල් ගත වීමට තරම් අසනීප වීම ගැන විමර්ශණයක් කලොත් නරකද? එහෙම නැත්නම් මේ කියන අය ඇත්තටම ලෙඩ්ඩුද?
මෙයා එළියට දැම්මා නම් ඔය කියන සියලු රෝග නිවාරණයි. ජාතික රෝහලට දැම්මත් යන්නේ මර්චන්ට්ස් වාට්ටුවට. ඒක නිකන් හෝටලයක් වගේ... මහජන මුදලින්...
හිරුණිකා නෝනාගේ අවධානය පිණිසයි..!
දැන් ඉතින් හැමදාම මහ ඉස්පිරිතාල තමයි. බන්ධනාගාර රෝහලට වඩා ඕක හොඳයිනේ. ඒ/සී කාමර, ටීවී, ගෙදරින් කෑම බීම, තව ගෑණියෙක් විතරයි අඩු...
දැං ඉතිං ඔක්කොම පැත්තකින් තියලා මේ බබා නලවපල්ලකෝ..!
යම් වැරද්දක් සිදු වූ හෝ නැති වූ පුදගලයකු හිර ගේ තබා මොහුගෙන් ජනතාවට ලැබෙන්න තිබූ විශාල සේවාවක් නැති කිරීම සුදුසු නැත