
(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත රාජිත සේනාරත්න මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ 05 ශරීරයක් මුදල් ඇපයක් රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසද, අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට නියෝගය යොමු කරන ලෙසද දන්වා සිටියේය.
ඇපකරුවන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා සියලු ඇපකරුවන්ගේ පදිංචිය ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කළ යුතු බවටද නියෝග කළේය.
රාජිත සේනාරත්න මහතාව පසුගිය 29 වැනි දින අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ අදාල වැනි කැණීමේ ව්‍යාපෘතිය ලබා දුන් විදේශීය සමාගමේ අනුග්‍රහය ලබා ගෙන සැකකරු ,ඔහුගේ බිරිඳ හා පවුලේ ඥාතීන් කොරියාවේ සංචාරයක නියැලීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවය.
එහෙයින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.
2012 මැයි මස 10 දින SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර, එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාමට අනීතිකව අවසර ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 262ක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශන වලට අදාළව මෙම විමර්ශනය සිදු කෙරේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දැඩි කොන්දේසි යටතේ රාජිතට ඇප
කපුරුහාමි Tuesday, 09 September 2025 01:16 PM
මහින්දයාගෙ දැත් සක්තිමත් කරන්ඩ කියලා ගිහින් දත් ගලෝපු කේස් එහෙමත් ඇතිනේ?
Hafeel Tuesday, 09 September 2025 01:53 PM
මෙයාගේ කයිවාරු පුතා දැන් නිහඬයි
විපරමා Tuesday, 09 September 2025 01:59 PM
බලයේ හිටපු කාලේ පොත් පෙරලපු කෙනා හිරේ ඉන්දී පොත් කියවනවා.