(උපාලි ආනන්ද)
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ පෞද්ගලික රක්ෂණ සමාගම කැකිරාව ශාඛාවේ ප්‍රධාන කළමනාකර උපුල් ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තෙකි.
මිය ගිය දීඝ දන්තු හස්තියාගේ මරණ පරීක්ෂණය පශු වෛද්‍ය චන්දන රණසිංහ මහතා පැවැත් වු අතර අධික සැර විදුලි දාරාවක් ශරිරය හරහා ගමන් කිරීමත් සමග හෘදයට වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමනය කළේය.
වයස අවරුදු 45 - 50 අතර වයසැති දීඝදන්තු ඇතාගේ දළ යුගළ සමානව අඩි 4 අඟල් දෙකක් දියට වැඩි තිබු බව අධිකරණයේදී කියැවිණි.
COMMENTS
අලුත් වනජීවී ඇමැතිතුමා මේ ගැන මොනවාද කියන්නේ? එතුමා මෙහෙම දෙයක් වුණු බවවත් දන්නවාද?
මේ වගේ කාලකණ්ණියෙක්...
ඔහුට දෙන දඬුවම කුමක්ද? දීඝජන්තු හස්තියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතීඥයින් පෙනී සිටිනවාද? එම සත්වයාට මිනිස් අධිකරණයෙන් සාධාරණ විසඳුමක් ලැබෙයිද? දීඝජන්තු මළා...
මෙම නිවසේ මාලිමාවේ ලොක්කා පදිංචි වී සිටියත් අලින්ගෙන් තම දරු පවුල ජීවිත රැකගන්න මෙවැනි උපක්‍රමයක් යොදා ගන්නම වෙනවා. දැන්වත් වී8 කාර්, මන්ත්‍රී නිවාස, පරණ හොරු සෙවීම වැනි දේ කල් දමලා මේ අලි මිනිස් ගැටුමටම අවධානය යොමු කිරීමෙන් අලින් සහ මිනිසුන් රැකගැනීමට දැන්වත් මහාචාර්ය පාර්ලිමේන්තුව යොමු විය යුතුයි. සිරගත කළයුත්තේ මේ කට්ටලයයි...
මේ හස්ති රාජයා මරාදැමූ අයට හෙනම ගහන්න ඕනේ..! විදුලි සැර වැදී මැරෙන්න ඕනේ...!