IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.ප) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පොදු ජන පෙරමුණ දෙකයි පනහට වැටුණු පක්ෂයක්. වැටෙන්න පුළුවන් උපරිම තැනට වැටුනා.මීට  මාස හතකට කලින් මට තිබුණු ලොකුම ප්‍රශ්නය පාර්ලිමේන්තු මැතිවරණයට දහ දෙනකුට නාම යෝජනා දෙන එක. මාස හතක් වැනි කෙටි කාලයක් ඇතුලත පසුගිය මැතිවරණයේදී වැඩිම වර්ධනයක් ගන්න අපට හැකි වුණා. ඡන්ද ප්‍රමාණයෙන්  මෙන්ම  ඡන්ද ප්‍රතිශතයේ වර්ධනයක් අප වාර්තා කළා.මිලියනයකට ආසන්න ඡන්ද දායකයන් සියලු දෙනාට අප ස්තූතිවන්ත විය යුතුයි. ඔබ තුමාලට සීයට හයට එන්න අවුරුදු 60ක් ගියා. ආණ්ඩුවක් පිහිටුවන්න අවුරුදු හැටක් ගියා. අපේ දෙකයි පනහ සීයට දහයකට වැඩි කරගන්න, ඡන්ද මිලියනයකට වැඩි කරගන්න ගියේ මාස හතයි.ඔබතුමාලා නැවත සීයට තුනට වැටෙන තුරුම හිනා වෙවී ඉන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා

Shantha Friday, 23 May 2025 03:33 PM

ලෝකේ හිනස්සන්නේ නැතුව හිටපන් බන්.

:       12       42

scm Friday, 23 May 2025 03:39 PM

මොවුන්ගේ ගණිතය පිළිබඳ දැනුම අන්තිමයි. මෙයා 2.5% ප්‍රතිශතය එක්ක සසඳන්නේ ඡන්ද ගැන..

:       13       28

ඡන්ද මිලියනයක් ගත්ත රට කාපු බයියා Friday, 23 May 2025 06:40 PM

කොහොමද අපේ වැඩ. තවම මැටි වැඩවල යෙදෙන අය අපිට සපෝට්...

:       2       23

achini Friday, 23 May 2025 06:41 PM

මහත්තයෝ ඔයාලා තාම 2.50% තමයි. ගමේ ප්‍රාදේශීය සභා වල අයටයි මිනිස්සු ඡන්දෙ දුන්නේ... ගමේ කමට..

:       3       18

NPP Friday, 23 May 2025 07:15 PM

ඡන්ද නෙවෙයි මොලය වැඩි කරගන්න බලන්න.

:       2       18

නිහාල් Saturday, 24 May 2025 10:37 AM

ඡන්ද ප්‍රතිශතය එක්ක ඡන්ද ගණන සංසන්දනය කරන්න කෙනාගේ මොලය කොච්චර ලොකු ඇත්ද?

:       1       9

fairoosmr Saturday, 24 May 2025 12:16 PM

හා හරි එහෙනම් අටපට්ටමට කියමු.

:       0       6

ගමේ එකාලා Saturday, 24 May 2025 04:04 PM

දූෂිතම පව්ල් පාලනේ අයගේ නෑයෙක් නිසා පොහොට්ටුව ගැන පම්පෝරි ගැහැව්වට ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ ඒ අය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site