IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දකුණු මුහුදෙන් ඇල්ලූ ’අයිස්’ අයිස් දැයි සොයයි

(රෝෂන් තුෂාර)

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්  839.254ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (16) නියෝග කළේය.

මත්ද්‍රව්‍ය තොගය අධිකරණයට ඉදිරිපත් කරමින්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව රජයේ  රස පරීක්‍ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 14 වැනි දින තංගල්ල මුහුදේ පාවෙමින් තිබු අයිස්  කිලෝ 670 ග්‍රෑම් 676සහ හෙරොයින් කිලෝ 156 ග්‍රෑම්  542 සහ හෂිස් කිලෝ 12 ග්‍රෑම්036 ක මත්ද්‍රව්‍ය  තොගය මෙසේ පසු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළේය. 

තංගල්ල රැකව මුහුදේ  සැක කටයුතු උර තොගයක් පාවෙමින් තිබෙන බවට ධීවරයින් පිරිසක් දෙන ලද තොරතුරකට අනුව අදාල මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව  මත්ද්‍රව්‍ය කාර්යාංශය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසුව  මත්ද්‍රව්‍ය තොගය තංගල්ල ධීවර වරාය වෙත රැගෙන පැමිණ කාර්යාංශය වෙත ලබා දුන් බව පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනයන අවසන් කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙසට ලෙසටද   පොලිසියට නියෝග කළේය. 



අදහස් (0)

දකුණු මුහුදෙන් ඇල්ලූ ’අයිස්’ අයිස් දැයි සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site