IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරුමයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඊයේ (17) ආරම්භ කළේය.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදලේ ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 109,000 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 310 ක් පමණ) ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් මෙම ප්‍රදානය අනාගත පරම්පරාව සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සුරැකීමට එක්සත් ජනපදයේ කැපවීම පිළිබිඹු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (9)

ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය අරඹයි

සමන් පෙරමුන Saturday, 18 January 2025 04:36 PM

හිනිදුම සුනිල් සෙනෙවි සම්මාන මහාචාර්යද දැන් තාම "මහාචාර්ය" කෑල්ල තියාගෙන ඉන්නේ? නීතිය නම් හැමෝටම නීතිය එකක් වෙන්න එපායැ. ආචාර්ය උපාධියක් තියෙනවා නම්, සම්මාන මහාචාර්යත් නෙවෙයි නම්, සරසවියෙනුත් අස්වෙලා ඉන්නවා නම් "ආචාර්ය" මිසක් එයා "මහාචාර්ය" නොවෙයි...

:       17       50

Senewirathna Saturday, 18 January 2025 06:02 PM

කියනකොට එහෙමට වුණත් සමන් මට ඔබ වෙනු සමා කරනකොට මෙහෙමමයි. එය වළකන්න බැහැ... මැරුවත් මෙමා...!

:       0       25

SanathSaturday, 18 January 2025 06:59 PM

GL පීරිස් තවම මහාචාර්ය කියලා පාවිච්චි කරනවා. සුනිල් සෙනෙවිගේ මහාචාර් ය පට්ටමට තමා ඉරිසියාව​...

:       31       11

Chathura Saturday, 18 January 2025 08:11 PM

G.L පීරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සියලු සියලු සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු කොළඹ විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය ලත් සේවා සම්මත මහාචාර්ය වරයෙක්... සුනිල් සෙනෙවි එහෙම සුදුසුකම් සම්පූර්ණ කරලත් නෑ... විශ්වවිද්‍යාල පාලක සභාවෙන් අනුමැතිය අරගෙනත් නෑ.. එයා මහාචාර්ය වෙන්න බෑ...

:       1       41

bbv Saturday, 18 January 2025 06:11 PM

ආචාර්ය මහාචාර්යය මනුස්සයාට ආචාර්ය පට්ටමක්වත් තියෙනවනේ. එයා අර බොරු ආචාර වෙච්චි පස්සේ අකුලා ගත්තු හිටපු කතානායකවරයා වගේ නෙවෙයිනේ, දැන් එයා දැනුවත්ව වංචාවක් කෙරුවේ මොනවද ඒකට කෙරුවේ...? ජනතාවගෙන් සමාව අයැදුවද, එයා ආචාර්ය උගතා කියලා හිතලා මනාප ගහලා මනාප තරගෙන් පරදවපු පළවෙනියාගෙන් එයා සමාව ගත්තාද? මොකක්ද සදාචාරය, අච්චර ලොකු ඒවා තියෙද්දී මෙයාට මොකට බනිනවාද?

:       4       18

අතුල කීර්ති Sunday, 19 January 2025 12:33 AM

ජේ වී පී LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව ලන්කාවම අනාගමික කියමින් බුද්ධාගම විතරක් නැති කරලා ඇමරිකන් තානාපතිත් සතුටු කරලා ලන්කාවේ බෞද්ධ පන්සල් ඇතුලු ඔක්කෝම බෞද්ධ දේවල් මේ වගේ නටබුන් ලෙසට නම් කරාවි.. මේ කරන්නේ කාඩිනල් පත්කරපු කතෝලික බුද්ධ ශාසන ඇමති බෝන් අගේන් ජූලී චූන්ට වාර්තා කරන එක... සුද්දන්ට නැමෙන අනාගමිකයෝ.

:       1       36

ප්‍රියල් සමරසින්හ Sunday, 19 January 2025 12:39 AM

අපේ බදු සල්ලි පාවිච්චි කරලා මොකද? මේ මෙච්චර නිලධාරින් තොගයක් සහ ඇමැති මේ බෝන් අගේන් පල්ලියේ ලන්කාවෙන් බුද්ධාගම නැති කරන්න කටයුතු කරන තානාපති කෙනෙකුට මෙච්චර වාර්තා කරන්නේ. අපි ඇමරිකාවේ කොලනියක්ද?

:       1       12

Prasanna Silva Sunday, 19 January 2025 12:48 AM

රුපියල් ලක්ශ තුන්සිය ගානක්. සොච්චමක් දීලා ලැජ්ජා නැතිව මේ මාධ්‍ය සංදර්ශන දැමීමට අපේ මුළු රොත්තක්ම එකතු වෙලා...

:       1       3

janabala silindar Sunday, 19 January 2025 08:56 AM

ජාතික සමගිය නැතිවෙන්න පුළුවන්... ඕවා කරන්න එපා...

:       17       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site