IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට

(අංජුල මහික වීරරත්න)

කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙහි ආරම්භක වැඩසටහන වැලිපැන්නේ දී අද(26) සිදු කෙරිණි.

ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීමට මෙම සහනාධාර තේ පොහොර නව ක්‍රමවේදය අනුව දීමට තේ මණ්ඩලය විසින් රුපියල්  මිලියන 2000 ක මුදලක් 2025 වර්ෂය සඳහා වෙන්කර ඇත.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ලැබේ.

සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. 

මෙම නව ක්‍රමවේදය යටතේ පොහොර මිලදි ගැනිමට අවශ්‍ය කටයුතු  ඔක්තෝබර් 1 දින සිට සියලු ප්‍රදේශ වල ක්‍රියාත්මක කරන බව රජය කියයි.



අදහස් (2)

තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට

වැඩ නැතිවට වැඩ Saturday, 27 September 2025 06:34 AM

කොහොමද ඔය QR ක්‍රමය හදන්නේ ඇමැතිවරයා කෙනෙකුට QR සහතිකයක් දෙනවා ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක නම් පිරිසකට දෙන්නේ කොහොමද මෙතෙක් කාංචන QR කේත නැතුව කුඩා තේවතු සදහා පොහොර බලයලත් වෙළෙන්දා නැත්නම් තේ කම්හලේ වාහන වලින් ඉඩමට ගෙන්නා ගන්න හැකියාව තිබුණා මේ ක්‍රමයෙන් සුළු වගාකරුවන් පොහොර කඩවලට යන්නද තේ පරීක්ෂක සොයා ගොස් රස්තියාදු වෙන්නද කියන්න තමන්ගේ මූණත් තහඩුව පෙන්නන ව්‍යාපෘතිය නතරකර ගුණාත්මක බවෙන් ඉහළ පොහොර ටිකක් පෙර ලෙසම ගන්න පහසුකම් සලසන්න...

:       0       0

ගුණරත්න Saturday, 27 September 2025 09:00 AM

සමහර මිනිස්සු ඉන්නවා ෆෝන් තිබ්බාට නිකම් බටන් ෆෝන් එක විතරයි තියෙන්නේ, මේ කිවූආර් එක ස්කෑන් කරන්න. ඒ අය ස්මාට් ෆෝන් එකක් ගන්න ඕනෑද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site