IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


තේ විකුණා තෙල් ණය ගෙවයි

(අංජුල මහික වීරරත්න)

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට  හිඟ මුදල් වශයෙන් ගෙවීමට  සිදු වී තිබිණි.

මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව  ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට  ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය.

මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.



අදහස් (8)

තේ විකුණා තෙල් ණය ගෙවයි

gal arabiya Monday, 15 July 2024 04:27 PM

අනේ හොඳයි

:       0       1

ආසිරි Monday, 15 July 2024 04:36 PM

ඉරානය ලංකාවට අපනයනය කරන තේ?

:       4       29

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 04:38 PM

රනිල් කෙරුව ලබු ගෙඩියක් නැහැ කියලා තව පැහැදිලි මදිද?

:       19       38

ඇන්ඩ්රු සෙබඩවිලMonday, 15 July 2024 05:58 PM

රනිල් කෙරුවා ලබුගෙඩියක් නැහැ අනුර උත්තමයා තමයි ඉරානෙත් එක්ක කතාකරලා මේක කලේ.

:       1       1

HafeelMonday, 15 July 2024 06:31 PM

අරවින්ද, ඔබ අදහස් ඉතා නිවැරදි. තත්වය මෙහම තියෙද්දී රනිල් කියන්නේ ඔහු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තලු සහ සුභ ආරංචි කියලත් කියනවා.

:       1       4

Bamunuarachchi Monday, 15 July 2024 11:16 PM

එක එක්කෙනා, ජෙප්පෝ, සජබයෝ, එජාපයෝ පොහොට්ටුවෝ, තේරුම් ගන්න විදිහට තමයි.

:       3       1

Hafeel Monday, 15 July 2024 06:33 PM

මෙන්න තවත් සුභ ආරංචියක්. හෙට ජනාධිපතිට රටේ ජනතාව අමතන්න පුළුවන්. ඔහුගේ ගෝලයන්ට කිරිබත් කාල, රතින්ඤා පත්තු කරලා විනෝද වෙන්න පුළුවන්.

:       1       4

Ruwan De Silva Monday, 15 July 2024 06:38 PM

යුරෝපයේ සිලොන් තේ, සිලෝන් කුරුදු කිව්වම රත්තරන් වගේ නමක් හැබැයි අපේ අයට වටිනාකමක් නෑ අපි අපනයනය කරන තේ ඒ රටවල්වල අංගය එකතුකරලා ආයෙත් විකුණනනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 5-10ක් වටිනාකම තියෙන තේ දෙන්නේ ඩොලර් බිලියන 1-2 වගේ ගානට

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 682 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site