
(ඩබ්ලිව්. ඒ. අසේල)
මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දහඅටක (18) පාසල් දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්ගත් මව පියා හා පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කළ බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට උගුරැස්සපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාතිමා අම්නා (18) නැමති දැරියක බව තලාතුඔය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd