IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ

(සුගත් බද්දේගෙදර)

ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ 19 න් පහළ කාන්තා ලෙදර් පන්දු දෙවන පෙළ කාණ්ඩයේ කණ්ඩායම් අතර  පැවැත් වූ තරගාවලියේ දී මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ගෝතමී විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ප්‍රබල කණ්ඩායම් රැසක් පරදවමින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ප්‍රගීත් චානක මහතා සහ පාසල් පුහුණුකරුවන් වන ඉමල්කා මෙනවිය හා සමිත අනුෂ්ක මහතා යටතේ මෙම ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කර ඇත.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ 19න් පහළ පාසල් බාලිකා ලෙදර් කණ්ඩායමක් මෙවැනි ඉහලම ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය බව පැවසෙයි. කණ්ඩායමට ජයග්‍රහණයේ ප්‍රභල සාධකයක් වූයේ සේරුවිල ප්‍රදේශයේ සිට මෙම පාසලට මෑතකදී පැමිණි එස්.එම්. භාග්‍යා සෙනවිරණත්න ක්‍රීඩිකාව බව ක්‍රීඩා භාර ආචාර්ය වාමර දිල්ෂාන් පැවසීය.

මෙම ජයග්‍රහණය තම විද්‍යාලයටත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයටත් ඉමහත් ආඩම්බරයක් බවත් සමස්ත ලංකා ජයග්‍රහණය දක්වා ගමන් කිරීමට මෙම දියණියන්ට තමා සුබ පතන බවත් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site