
(විමුක්ති එස් රුද්‍රිගු)
බිලියන 8 කටත් වඩා වැඩි ලෝක ජනගහණයෙන් සියයට 85 කටත් වඩා වැඩි ප්‍රතිශතයක් 2050 වසර වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වනු ඇතැයි ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා පසුගියදා පැවැති 2025 වාර්ෂික රැස්වීම් පූර්ණ සැසියේදී ප්‍රකාශ කළේය.
මීළඟ වසර 10ත් 15ත් අතර කාලයේදී කෝටි 120 ක තරුණ ප්‍රජාවක් ශ්‍රම වෙළෙඳපොළට පැමිණෙනු ඇති බව පැවසූ අජේ බංගා මහතා ශ්‍රම වෙළෙඳපොළට පැමිණෙන කෝටි 120 ක තරුණ ප්‍රජාව සඳහා තිබෙන්නේ රැකියා කෝටි 40 ක් පමණක් බව සඳහන් කළේය.
මෙම විශාල රැකියා හිඟය තවත් ආකාරයකට අර්ථ දක්වනවා නම් ඉදිරි වසර 10 කාලයේදී සෑම තත්පර හතරකටම තරුණ තරුණියන් සිවු දෙනකු ශ්‍රම වෙළෙඳපොළට රැකියාවක් අපේක්ෂාවෙන් පැමිණි ඇතැයි බංගා මහතා ප්‍රකාශ කළේය.
2050 වසර වනවිට සෑම තරුණ තරුණයන් සිවු දෙනකුගෙන් එක් අයකු අප්‍රිකානු ජාතිකයකු වනු ඇති බවත් වැඩිම ජනගහන වර්ධන වේගයක් තිබෙන්නේ අප්‍රිකාවේ බවත් බංගා මහතා පැවැසුවේය. සැමීබියාව සෑම වසරකම ලෝක ජනගහණයට ලක්ෂ 7 ක් එකතු කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ලෝක බැංකුව දැනටමත් අනාගතයේදී ඇතිවන විශාල රැකියා හිඟයට සූදානම් වීම සඳහා ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇති බවත් සියලු දෙනාටම ඒ සඳහා ක්‍රියාත්මක වීමට කාලය එළැඹ ඇති බවත් ලෝක බැංකු සභාපතිවරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තව වසර 25කින් ලොකු රැකියා හිඟයක්